election-dates-revealed

ඉදිරියට ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීමට කර ඇති සැලසුම පිළිබඳව  රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සමීපතමයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (9) හෙළිදරව්වක් කර සිටියේය.


අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  රවී කරුණානායක සඳහන් කළේ තවත් මාස 9 කින් එනම් 2024 සැප්තැම්බර මාසයේ
ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික නැතහොත් ස්‌වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිත බව ඔහු දන්වා සිටියේය. ඔහුට විිවධ පක්ෂ සහය දෙනු ඇතැයිද සඳහන් කළේය.

මීට පසුව පාර්ලිමේන්තු මැතිවරණය 2025 ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය 2025 මාර්තු මාසයේදීත් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඔහු අද හෙළි කළේය.