ella-selfie-Kristina-Alagwana

දෙමෝදර සිට ඇල්ල දක්වා ගමන්ගත් දුම්රියේ සිටි රුසියානු ජාතික කාන්තාවක් ඡායාරූප ලබා ගැනීමට යාමේදී දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා තිබෙයි.
අද (26) උදෑසන 10ට පමණ ඇල්ල පොලිස් වසමේ දෙමෝදර සිට ඇල්ල දෙසට වන්නට පිහිටා ඇති ගල් බිංගෙය අසළදී මෙම අනතුර සිදුව තිබේ.


පොලීසිය පැවසුවේ ඇගේ නම Kristina Alagwana වන බවත් වයස  25 බවත්ය.

ඇය ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල රෝහල වෙත යොමු කර ඇති බව පසුව වාර්තා විය.

මෙම විදේශීය කාන්තාව හික්කඩුව සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ල වෙත පැමිණ ඇති අතර විදේශ ගමන් බලපත්‍රය නවාතැන් ගත් හෝටලයේ තබා පැමිණ ඇති බවද පොලීසියට පවසා තිබේ.