
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියකු උණ රෝගය හේතුවෙන් මියගිය බව තහවුරු වීම නිසා සෞඛ්‍ය නිර්දේශ අනුව එම බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක මහතා ඊයේ (4) පස්වරුවේ පැවසීය.
ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැඳවියන් අඟුණුකොළපැළැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇති බවත් අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා තව දුරටත් කීය.
මෙම උණ රෝගය මීට සති දෙකකට පමණ පෙර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ අතර උණ රෝගය වැළඳුනු රැඳවියන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.එම රෝගය වැළඳුණු එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මරණයට පත් වූ අතර මෙම තත්වය හමුවේ එම බන්ධනාගාරයේ කටයුතු ද සීමා කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත.
යොහාන් භාසුර
Comments
Post a Comment
Your comment will be visible after approval