මීගමුවේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් ජර්මන් ජාතික 23 හැවිරිදි තරුණියකගේ ගමන් බෑගය කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට ඇය 24 දා රාත්රියේ කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය.
බස් රථයේ ගමන් කරමින් සිටියදී තමාට නින්ද ගොස් ඇති බවත් කුරුණෑගල නගරයෙන් බැසීමට ඇති නිසා අවදිවී බලන විට ගමන් බෑගය නොමැති බව දැක ගන්නට ලැබුණු බවත් තරුණිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. විදෙස් ගමන් බලපත්රය, ජංගම දුරකථනය, ටැබ් පරිගණකය සහ රුපියල් දස දහසක මුදලක්ද ගමන් බෑගයේ තිබුණු බව ඇය කළ පැමිණිල්ලේ තව දුරටත් සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ජර්මන් තරුණියගේ ගමන් බෑගය සොරාගත් අය අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ සංචාරක කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.
(ශ්රීනාත් ප්රසන්න ජයසූරිය)
0 Comments