harak-kata-court

 මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මහා පරිමාණ කුඩු ජාවාරම විදේශයේ සිට මෙහෙයවූයේ යැයි කියන “ඉබ්බාවල රුවන්” සහ “මිදිගම චූටි” යන අය සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් අට දෙනකු තවදුරටත් රදවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු දක්වමින් ඊයේ (1) පැවසීය.



හරක් කටා හෙවත් නදුන් චින්තකගේ හොරොයින් ජාවාරමට සම්බන්ධ වී යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ මිදිගම පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය. කුඩු ජාවාරමට සම්බන්ධ යයි සැක කෙරෙන දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් කුඩු ජාවාරම් කිරිමට එරෙහිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන බව පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ මිදිගම මදුෂානි, හුවයිස් සැකකාරියන් හා සඳරුවන් යන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රොෂාන් තුෂාර