harin-fernando-sister-police

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සොයුරියගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා රන් හා දියමන්ති ආභරණ තොගයක් සොරාගත් පුද්ගලයෙකු වත්තල පොලීසිය විසින් ඊයේ (07දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
47 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.


සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 02දා අදාළ සොරකම සිදු කර තිබූ අතර ඒ පිළිබඳ ලැබූ පැමිණිලි මත පක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සොරකම් කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතලිස් පන්දහසක් පමණ වන බව අනාවරණය වී ඇත.

පොලීසිය පවසන්නේ එදින අලුයම 1ත් 4ත් අතර කාලයේදී නිවැසියන් නිදා සිටි අතරතුරදී මෙම සොරකම සිදුකර ඇති බවය.පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය විසින් පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී එම සොරකම් කළ භාණ්ඩ සහ සැකකරුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුගේ භාර්යාව සහ දියණිය සහ ඔහු විසින් සොරා ගත් රන් හා දියමන්ති ආභරණ තොගයද පොලිස් භාරයට ගනු ලැබ තිබේ.
වත්තල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සැකකරු සහ සැකකාරියන් 08 වනදා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.