harini-amarasuriya-speaks
අද දින සතිඅන්ත පුවත්පතක් අමතා ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය පැවසූ අදහසක් මෙසේය.


ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී බලය ලබා ගැනීම ස්ථිරයි කියලද ඔබ හිතන්නේ ?



පිළිතුර – ජනතාවගේ තීරණය අරගෙන අවසන්. ඒක අපට හොඳින් දැනෙනවා. හැබැයි ඊට එහා ගිය උවමනාවක් අපට තිබෙනවා. අපට තියෙන්නේ ආණ්ඩුවක් හදන එකේ වුවමනාව පමණක් නෙවෙයි. අපට ඕනා මේ සමාජය පරිවර්තනය කරන්න. ඒක නිසා අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා.

ඒක මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි. ඒ වෙනුවෙන් සමාජය පෙළගස්වන එක තමයි අපේ කාර්යභාරය. ඡන්දය තියෙනවා අපි ඡන්දය දිනනවා පමණක් වගේ එකක් අපට නැහැ.
අපි අත තියල තියෙන්නේ එහෙම සරල වැඩකට නෙවෙයි.
වැඩ කරන්න අපිට ආණ්ඩුවක් ඕනා. හැබැයි ඒ ආණ්ඩුවෙන් මොකක්ද අපි කරන්න යන්නේ කියන එක හරි වැදගත්. ආණ්ඩුවක් ඕනේ මේ තියෙන එක මෙහෙම අරගෙන යන්න නෙවෙයි. අලුත් ආරම්භයක්, අලුත් පුනරුදයක් වෙනුවෙන් අපි මේක දේ කරන්නේ. ඒ වෙනුවෙන් මිනිස්සු සූදානම් කරන එක මේ වෙලාවේ අපේ කාර්යභාරය. බලය ලබාගන්න මැතිවරණ දිනන්න ඕන නිසා බලය ලබාගන්න ඕන. හැබැයි මැතිවරණ දිනන එක නෙමෙයි අපේ ඉලක්කය.

ඊට එහා ගිය පුළුල්ම සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අපි වැඩ කරන්නේ.

2024 කියන්නේ අපේ වසර. අපේ කතාව ලියන වසර. එක පැලැන්තියක් විසින් පාලනය කරපු ඉතිහාසය අවසන් කර අපේ කතාව අපි ලියන්න පටන් ගන්නවා.අපි හැමෝටම කතාවක් තියෙනවා.


(සිරිමන්ත රත්නසේකර කළ සාකච්ඡාවක උපුටනයකි)