අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ පොලො­න්න­රුව හිඟු­ර­ක්ගොඩ නෙල් මාවතේ නිවෙ­සක බිත්ති­යක් කඩා වැටී­මෙන් එහි විසූ එක්දරු මවක් මිය ගොස් ඇති අතර, අවු­රු­ද්දක් වය­සැති දිය­ණිය සහ සැමියා තුවාල ලබා පොලො­න්න­රුව මහ රෝහ­ලට ඊයේ (11) ඇතු­ළත් කර තිබේ. මෙලෙස මිය­ගොස් ඇත්තේ හිඟු­ර­ක්ගොඩ නෙල් මාවතේ අංක 792 ලිපි­නයේ පදිං­චිව සිටි කේ.එච්. රසිකා චමෝ­දනී (23) යන අය බව පරී­ක්‍ෂණ කරන හිඟු­ර­ක්ගොඩ පොලි­සිය කියයි.



ඇය හිඟු­ර­ක්ගොඩ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් ඇති අතර, තුවාල ලැබූ ඇයගේ සැමියා වන විසි­පස් වියැති පී.ඒ. නලින් විජ­ය­බ­ණ්ඩාර සහ අවු­රු­ද්දක් පමණ වයස පී.ඒ. ව්‍යංගා යන අය පොලො­න්න­රුව මහ රෝහලේ ප්‍රති­කාර ලබන බව පොලි­සිය කියයි. අය­හ­පත් කාල­ගුණ තත්ත්වය මත නිවසේ වහ­ලය සහ බිත්තිය කඩා වැටී එම ජීවිත හානිය සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිල­ධාරි පාලිත උපුල් කුමාර මහතා කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය.



ජාතික ආපදා සහන සේවා මධ්‍ය­ස්ථා­නයේ මැදි­හත් වීමෙන් පොලො­න්නරු දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒක­නා­යක මහ­තාගේ උප­දෙස් මත මිය­ගිය කාන්තාව වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ දෙක­හ­මා­රක වන්දි මුද­ලක් ලබා දීම­ටත්, අන­තු­රුව නිව­සට සිදුව ඇති හානිය ඇස්ත­මේන්තු කිරී­මෙන් පසු ඉතා කඩි­න­මින් එම වන්දිය ලබා දීමට කට­යුතු කරන බව ද පොලො­න්න­රුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිල­ධාරී පාලිත උපුල් කුමාර මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.