සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ට ලබා දෙන මාසික දීමනාව දීර්ඝ කාලයක සිට ඉහළ දමා නොමැති බවත්, මේ නිසා ලැබෙන දීමනාව ආහාරපාන ලබා ගැනීමටත් ප්‍රමාණවත් නොවන බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සදහන් කරයි.
මෙම වෛද්‍යවරුන් පැය 24 පුරාම රෝහල තුළ සේවය කළ යුතු බවත් මේ නිසා සීමාවාසික පුහුණුව ලබන කාලයේ සිටම විදේශ රටකට ගොස් සේවය කිරීමට උත්සහ කරමින් තිබෙන බවත්, මේ වන විට එක්දහස් දෙසියයක පමණ පිරිසක් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.
වසරක කාලයක් සීමාවාසික පුහුණුව ලැබිය යුතු බවත්, මෙම වෛද්‍යවරයෙකුට මාසයකටම හිමිවන්නේ රුපියල් පනස්හයදහසක මුදලක් පමණක් බවත් රෝහල් ආශ්රිත ආහාරපාන මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන නිසා අදාළ දීමනාව ආහාරපාන සදහාවත් ප්‍රමාණවත් නොවන බවද පැවසීය.
මේ නිසා බොහෝ සීමාවාසික වෛද්‍යවරුන්ට ජීවත් වීම සදහා දෙමාපියන්ට මුදල් ලබා දීමට සිදුව තිබෙන බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සීමාවාසික වෛද්‍යවරුන්ට ලබා දෙන මාසික දීමනාව වර්තමානයට ගැළපෙන ලෙස ඉහළ දැමීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
0 Comments