ip-remand-actress-abuse

 ත්‍රිරෝද රථ­යක දී ජන­ප්‍රිය රංගන ශිල්පි­නි­ය­කට ලිංගික අත­වර කළ බවට ලද පැමි­ණිල්ල අනුව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා කැස්බෑව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙම මස 12 වෙනි දින දක්වා රිමාන්ඞ් භාර­යට පත් කරන ලෙස මහේ­ස්ත්‍රාත් අසන්ග බෝද­ර­ගම මහතා නියෝග කළේය.



මෙලෙස රිමාන්ඩ් භාර­යට පත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට අනු­යු­ක්තව සේවය කරන ඔරු­වල, විද්‍යාල මාවත ලිපි­නයේ පදිංචි ගැටෙන වතු­ක­රගේ පාලිත සම්පත් විජේ­සිංහ යන අයයි. සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා එදි­නට හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­වක් සඳහා ඉදි­රි­පත් කරන ලෙස ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා වැඩි­දු­ර­ටත් නියෝග කළේය. දණ්ඩ නීති සංග්‍ර­හයේ 345 වග­න්තිය යටතේ ලිංගික අත­වර කිරීමේ චෝදනා යටතේ සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කෙරිණි. ඉකුත් හත්වැනි දින රංගන ශිල්පි­නිය කුලී ගමන් පහ­සු­කම් සප­යන ප්‍රසිද්ධ සමා­ග­ම­කින් අන්ත­ර්ජා­ලය ඔස්සේ ත්‍රී රෝද රථ­යක් ඇණ­වු­ම්කර ත්‍රිරෝද රථ­යට කටු­බැද්ද ප්‍රදේ­ශ­යේදී ගොඩ වූ ඇය නුගේ­ගොඩ දක්වා යන ලෙස රථ රිය­දු­රට පවසා තිබූ අතර ඔහු පිළි­ය­න්දල නග­රය හරහා විකල්ප මාර්ග­යට ගොස් ජාලි­ය­ගො­ඩට දෙසට යමින් සිටි­යදී පව­තින අධික වර්ෂාව හේතු­වෙන් යාමට නොහැකි බව පවසා

ත්‍රිරෝද රථය නවතා ඇතැයි පොලි­සිය කියයි.

අන­තු­රුව රිය­දුරු ලෙස කට­යුතු කළ සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා එක­ව­රම ත්‍රිරෝද රථය නවතා රංගන ශිල්පි­නිය අසු­න්ගෙන සිටි පිටු­පස අසුන ට පැමිණ ඇයගේ පපු ප්‍රදේ­ශය ඇල්ලී­මට උත්සාහ කිරී­මත් සම­ඟම ඇය ඔහු සමඟ පොර­බදා රථ­යෙන් බිමට පැන ඇතැයි පොලි­සිය කියයි. ඒ වන විට රංගන ශිල්පි­නි­යගේ හැඳු­නු­ම්පත බැංකු කාඩ් පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතු­ළත් අත් බෑග­යද එහි පිටු­පස අසුනේ තිබී ඇති අතර සැක­කරු ඒවත් රැගෙන පලා ගොස් තිබූ බව රංගන ශිල්පි­නිය එදින රාත්‍රී පිළි­ය­න්දල පොලි­සි­යට පැමිණ පැමි­ණිලි කර තිබිණි. රථ­යෙන් බිමට පැනි­මෙන් රංගන ශිල්පි­නි­යගේ දණ හිස්ව­ලට තුවාල සිදුවී තිබිණි. සැක­කරු කැස්බෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලද්දේ පොලිස් කොස්තා­පල් අත­පත්තු මහතා විසිනි.

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ