israel-attack-hospital

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානවලට පසුගිය ඔක්තෝබර් හත්වැනිදා සිට මේ දක්වා 600 වතාවක් පමණ ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම ප්‍රහාරවලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථානයන්හි පුද්ගලයන් 613 දෙනකු මියගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. එලෙස මියගිය 613 දෙනාගෙන් 606 දෙනකු මියගොස් ඇත්තේ ගාසා හිදීය.

7 දෙනකු බටහිර ඉවුරේදී මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.ගාසා තීරයේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ප්‍රහාර 304 ක් එල්ලවී ඇති බවත් බටහිර ඉවුරට ප්‍රහාර 286 ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.

යුද්ධය ආරම්භවී 14 වැනි සතිය වනවිට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 3 ක් එල්ල වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. පැවැසුවේය. ගාසා තීරයේ ළමයින්ට රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන විට ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.

එසේම දරුවන්ට එරෙහි පචණ්ඩත්වයද ඉහළ ගොස් ඇතැයි එම සංවිධානය පැවැසුවේය.

ගාසා තීරයේ ළමයින් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසුවී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.පසුගිය 17 වැනිදා සිට ගෙවුණු සතියේ පාචනය වැළඳුණු අවුරුදු පහට අඩු ළමයින් සංඛ්‍යාව 48,000 සිට 71,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් දිනකට පාචන රෝගය වැළඳුණු අවුරුදු පහට අඩු ළමයින් 3200ක් වාර්තාවී ඇති බවත් යුනිසෙෆ් සංවිධානය පැවැසුවේය.
විමුක්ති එස්. රුද්‍රිගු