යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී වසර 3400ක් පමණ ඉපැරණි මිනිස් අස්ථි වලට සමාන අස්ථි කොටස් කීපයක් පෙරේදා (10) හමු වී තිබේ.
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මෙවැනි මිනිස් අස්ථි කොටස්වලට සම කළ හැකි අස්ථි කොටස් යාපනයෙන් හමු වූ පළමු අවස්ථාව ලෙස කැණීම් කටයුතු භාරව සිටින පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කොට තිබේ.
යාපනයේ වේලනෙයි සංචාරක වරායට කිලෝමීටරයක් පමණ දකුණින්
වන්නට මෙම පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කෙරෙන අතර එහි කැණීම් කටයුතු
2009 වසරේ සිට සිදු කරගෙන යනු ලබයි.
පසුගිය කාලවලදී මෙම කැණීම් භූමියෙන් විවිධ සත්වයින්ගේ සැකිලි කොටස්, පිගන් කැබලි, කාසි හා වෙනත් ආභරණ කොටස් හමු වී තිබූ අතර, මිනිස් ඇට සැකිලිවලට සමාන ඇට සැකිලි කොටස් හමුවී ඇත්තේ පළමු වරටයි.
නෙදර්ලන්තයේ Groningen විශ්වවිද්‍යාලයේ හා Groningen
පුරාවිද්‍යා ආයතනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා හා උරුම
අධ්‍යයන ආයතනය හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා
උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංග
සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදු
කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සහයෝගයෙන් එම ආයතනයේ ඉන්දික ජයසේකර, ජනිනා නෝනිස්, නදීරා යන මහත්ම මහත්මීන් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ දක්ෂිණී, කනුස්තාන් සහ සුසන්ති යන පිරිසද ඊට එක්ව සිටිති.
වේලනෙයි ප්‍රදේශයෙන් හමු වූ මිනිස් ඇට සැකිලි කොටස් සංරක්ෂණ කටයුතු සඳහා යාපනය විශ්වවිද්‍යාල වෙත රැගෙන ගොස් ඇත.
රසුල දිල්හාර ගමගේ
0 Comments