johnny-kollupitiya

පසු­ගිය 2022 මැයි 9 දා නීති විරෝධි රැස්වී­මක සාමා­ජි­ක­යන් වශ­යෙන් කට­යුතු කර­මින් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට අයත් කොම්ප­ඤ්ඤ­වී­දයේ පිහිටි හෝට­ල­ය­කට ඇතුළු වී අයුතු ඇතුළු වීමක් අලා­භ­යක් සිදු කර­මින් දේප­ළ­ව­ලට අලාබ හානි කළ බවට ඇති නඩුව විභා­ග­යට ගන්නා අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ පෙනී නොසිටි සැක­ක­රු­වන් දෙදෙ­න­කුට කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.



මෙසේ වරෙන්තු නිකුත් වූයේ මොහා­මා­මඩ් මර්ෂාඩ් සත්තාර් සහ එම්.අයි.එම්. ෆවුමි යන අය­ටය. ඒ අව­ස්ථාවේ අර­ග­ල­කාරි තත්ත්ව­යක් පැව­තීම හේතු­වෙන් හෝට­ලය වසා දමා තුබූ බවත් එම කල­හ­කාරි පිරිස පැමිණ කල­හ­කා­රිව හැසු­රුණු අව­ස්ථාවේ එහි විදේ­ශ­යන් පිරි­සක් රැඳී සිටින බවට සැක­ක­රු­වන්ට දැනුම් දුන්නද ඔවුන් පසුව වැඩි පිරි­සක් රැගෙන විත් බර­ප­තළ ප්‍රහා­ර­යක් එල්ල කළ බව එම හෝට­ලයේ කළ­ම­නා­කරු වන මොහො­මඩ් අබ්බල් අර්ෆත් යන අය කළ පැමි­ණිල්ලේ සඳ­හන් වේ. සැක­ක­රු­වන් 10 දෙන­කුට එරෙ­හිව පවරා ඇති නඩුවේ 8 දෙනෙක් නඩුව කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ. නඩුවේ මහා­ධි­ක­රණ නියෝ­ගය ලැබෙන තෙක් නඩුව ලබන මාර්තු 18 දා තෙක් කල් තැබිණි.

සුභා­ෂිණී සේනා­නා­යක