මහනුවර නගරයට පැමිණෙන බොහෝ සංචාරකයින් විසින් භාවිත කරනු ලබන මහනුවර වැවේ ප්‍රකට “Joy Motor Boat Service” මහනුවර මහ නගර සභාව බොට්ටු සේවා ගොඩනැගිල්ලකට මුද්‍රා තැබීමෙන් පසු දින නියමයක් නොමැතිව නවතා දමා ඇත.
නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගෙන් පැවසුවේ, එම සේවාව පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේ කොන්ත්‍රාත්තු කාලය අවසන් වී ඇති බවත්, එම බෝට්ටු සේවය සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවා වැඩිම ලංසුකරුට ලබාදීමට නගර සභාව කටයුතු කළ බවත්ය.
කෙසේ වෙතත් පසුගිය වසර 53ක කාලය තුළ බෝට්ටු මෙහෙයවූ සමාගම සහ කොන්ත්‍රාත්තුව ලබාදී ඇති පුද්ගලයන් අතර මේ වනවිට ආරවුලක් මතුව තිබෙන බව දැනගන්නට ලැබේ. ඒ නිසා මහනුවර මහ නගර සභාව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අවසන් කරන තුරු එම පරිශ්‍රයට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව නාගරික කොමසාරිස්වරයා පැහැදිලි කළේය.
0 Comments