kaduwela-mystery-death

කඩු­වෙල වෙලේ හන්දියේ ඇළ ඉවුරේ ලඳු කැලෑ­වක තිබී හමුවූ කඩු­වෙල මහ නගර සභා සේව­ක­යාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් විවෘත තීන්දු­වක් අධි­ක­රණ වෛද්‍ය ලසන්ත ගමගේ මහතා විසින් ලබා දෙන ලදි. ඒ අනුව සිරුරේ කොටස් වැඩි­දුර පරී­ක්ෂණ සඳහා යොමු කෙරිණි. කඩු­වෙල මහ නගර සභාවේ රියැ­දු­රෙකු ලෙස සේවය කරන සම­ර­නා­යක මුද­ලිගේ පාලිත සම­ර­නා­යක (38) නැමැ­ත්තාගේ මළ­සි­රුර පසු­ගිය සිකු­රාදා උදෑ­සන කඩු­වෙල වෙලේ­හන්­දියේ ඇළ මාර්ගය අසල ලඳු කැළ­යක තිබී නව­ග­මුව පොලි­සියේ නිල­ධා­රීන් විසින් සොයා­ගෙන තිබුණි.



ඔහුගේ ශරී­රයේ ඇතැම් තැන්වල ඉතා කුඩා තුවාල ලප නව­ග­මුව හදිසි මරණ පරී­ක්ෂක විශ්‍රා­මික අධි­ක­රණ රෙජි­ස්ට්‍රාර් ඩබ්. ඒ. කේ. නිමල් මතතා විසින් නිරී­ක්ෂ­ණය කළ අතර ඒවා කූඩැ­ල්ලන් වැනි සතුන්ගේ සපා කෑම­කින් ඇති­විය හැකි බව ද ප්‍රකාශ විය.

මොහු තිදරු පියෙකු වන අතර තදින් මත්පැන් පාන­යට ඇබ්බැහි වූ අයෙකු බව පොලි­සිය පව­සයි.

කෙසේ වෙතත් පසු­ගිය සතියේ ඔහු නගර සභා­වෙන් ආපදා ණය මුද­ලක් ද ලබා­ගෙන ඇති අතර එම මුදල් රාජ්‍ය බැංකු­වක තැන්පත් කොට ඇති බව මරණ පරී­ක්ෂ­ණයේ දී හෙළි විය. ඔහුගේ සාක්කුවේ රුපි­යල් තුන් දහ­සක මුද­ලක් ද තිබී එය මරණ පරී­ක්ෂ­ණයේ දී පරී­ක්ෂා­වට ලක්විය.

නව­ග­මුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍ර. පො. ප. ලය­නල් සේනා­නා­යක මහ­තාගේ උප­දෙස් මත පො. සැ. (56992) රෝහිත මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වති. 


සුගත් ප්‍රේම­ති­ලක