kahatuduwa-dulanjali-anuruddika

ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී කාන්තාවකට කඩු ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තාවී තිබේ.
කාර්යාල ප්‍රවාහන සේවයකට අයත් වාහනයක නිති පතා කාර්යාලයට යන සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවිකාවක වන දුලාංජලී අනුරුද්ධිකා 39 හැවිරිදි එක් දරු මවක මෙම සිදුවීම නිසා මරණයට පත්විය.
කහතුඩුව පිවිසුමෙන් බැස බස් රථයෙන් සිය නිවස බලා ගමන් කරන අවස්ථාවේ මග රැක සිටි පුද්ගලයෙක් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.‍
තුවාල ලද කාන්තාව වෑතර රොහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු බවත් පැවසේ.

පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටියාය.

 ඝාතනයට පැමිණි වාහනය මෙන්ම ඝාතකයා ද හඳුනාගන්නට පොලිසියට පැය කිහිපයක් තුළ හැකිවූ අතර ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී හසුවී තිබේ.
සැකකාර ඝාතකයා කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන යන්නෙකු බවත් ඔහු රත්මලානේ පදිංචිකරුවෙකු බවත් හෙළිව තිබේ. ඝාතකයා පැමිණ ඇත්තේ අනුරාධපුරයේ ලියාපදිංචි වාහනයකය.  මෙම ඝාතකයාගේ සොයුරා සංවිධානාත්මක අපරාධකරුකු සහ ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද හෙළිව ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණයවී නැත.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.