kataragama-accident
සෙල්ලකතරගම - කතරගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (28) රාත්‍රියේ කතරගම බලා ධාවනය වූ එක් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.



කතරගම දෙසට ධාවනය වූ වෑන් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබෙයි. පසුව මෙම වෑන් රථය මාර්ගයේ පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී තිබෙනවා. වෑන් රථයේ තරුණයින් 6 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු බරපතල තුවාල ලබා කතරගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. තවත් අයෙක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.