kate-london-clinic
ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු කේට් කුමරිය  රෝහලේ සිටින බව මාලිගය නිවේදනය කර ඇත.

කේට් කුමරිය ප්‍රතිකාර ලබමින් සිටින්නේ අති නවීන පහසුකම් සහිත ලන්ඩන් සායනයක වන අතර
එය එංගලන්තයේ විශාලතම පෞද්ගලික රෝහල ලෙස සැලකෙයි.


මෙහි පෙර ප්‍රතිකාර ලද රාජකීයන් අතරට  දිවංගත එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරු, දිවංගත රැජිනගේ බාල සොහොයුරිය වන මාග්‍රට් කුමරිය සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඇතුලත් වේ.
නිළියක වන එලිසබෙත් ටේලර් ද 1960 දශකයේ චිත්‍රපටයක් මතට වැටීමෙන් පසු සායනයේදී ප්‍රතිකාර ලබා ඇත.

කෙසේනමුත් උදර ශල්‍යකර්මයක් සඳහා ලන්ඩන් සායනයට ඇතුළත් වූ කේට් මෙන් ඩිම්පල් මිස්ට්‍රි, 2021 මැයි මාසයේදී ඇයගේ එම සායන  සංචාරය විස්තර කළේ "තරු පහේ හෝටලයක නවාතැන් ගැනීමක් වැනි" බවයි.
සෑම ආහාර වේලකම කේට් හට සුප්, සලාද, කුඩා පිඟන් වල බහා ලබා දුන් බවද ,ප්‍රධාන ආහාර වේල් තෝරා ගැනීමට හැකි වන ලෙස පහසුකම් සලසා තිබුන බවද අතුරු කෑම, සැහැල්ලු බයිට් සහ අතුරුපස ද තෝරා ගැනීමට තිබු බවද ඇය ප්‍රකාශ කොට ඇත.



එසේම එහි කාමර උෂ්ණත්වය දුරස්ථ පාලකයකින් පාලනය කල හැකි අතර,නානකාමර සිතාගත නොහැකි තරම් අගනා ලෙස සකසා තිබු බවද ,සායනයේ වෛද්‍යවරුන්  කිරීමට යන සෑම දෙයක්ම සහ ඔවුන් එය කරන්නේ මන්දැයි යන්න ඉතා කාරුණිකව පැහැදිළි කල බවද ඇය කියා සිටියාය.

තවද ඇගේ ප්‍රතිකාර ක්‍රියාවලියේ සෑම පියවරක් ගැනම ඇය දැනුවත් කරමින්,ඔවුන් ඇගේ  හිසකෙස් සෝදා ගැනීමට පවා උදව් කල බව ඇය සිහිපත් කොට ඇත.

මේ වන විට මාලිගය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ  ජනවාරි 17 බදාදා සාර්ථක උදර ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු කේට් රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,ඇය දැන් සුවය ලබා ගැනීම සඳහා නැවත නිවසට පැමිණීමට පෙර දින 10 සිට 14 දක්වා රෝහලේ රැඳී සිටීමට අපේක්ෂා  කරන බවත් ය.

වර්තමාන වෛද්‍ය උපදෙස් මත පදනම්ව පාස්කු ඉරිදා අවසන් වන තුරු කේට් නැවත රාජ්‍ය රාජකාරිවලට පැමිණීමට ඉඩක් නොමැති බව  මාලිගය  පවසා ඇත.