මෙම වසරේ ගෙවුණු දින 25 තුළ අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලිසිය කියයි.ඉකුත් වසර තුළම එම මාර්ග පද්ධතිය තුළ සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිවු දෙනකු බවද පොලිසිය කියයි.මේ බව අනාවරණය වූයේ ඊයේ (25) අලුයම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා හදිසි අනතුරකින් මියයාමේ සිද්ධියත් සමගමය.කොළඹ කටුනායක මාර්ගය කිලෝ මීටර 25ක දුරකින් යුක්තය, කොළඹ සිට කටුනායක දක්වා මාර්ගය දෙපස විදුලි ලාම්පු සවිකර තිබුණද,
මේ වන විට මුළු මාර්ගයම දැඩි අඳුරේ පවතින බවද වාර්තාවේ.
එයට හේතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් භූගත විදුලි රැහැන් කැපීම බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම සොරකම් වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්තද,
අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන පුද්ගලයන් නැවත නැවත එම කටයුත්තේම නිරත වීම හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව පවතී.රාජ්‍ය අමාත්‍යවරයාගේ හා පොලිස් කොස්තාපල්වරයාගේ ජීවිත අහිමි වීමේ අනතුර වීමට හේතුවද දැඩි අඳුරු ස්වභාවයද යන්න පිළිබඳ සැකයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. රාජ්‍ය දේපළ සොරකම් කරන්නවුන්ට එරෙහිව පවතින නීති ප්‍රමාණවත් නොවීම, ලබා දෙන දඬුවම්වල ලිහිල් භාවය හේතුවෙන් මෙවැනි අනතුරු ඉදිරියේදීත් අසන්නට දකින්නට ලැබෙනු ඇතැයිද නිලධාරියා කීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments