katunayake-surbiyan

සංචා­ර­යක් සඳහා පැමිණ නැවත මවු­ර­ටට යාමට කටු­නා­යක බලා දුම්රි­යෙන් යමින් සිටි සර්බි­යානු ජාති­ක­ය­කුට අයත් විදේශ ගමන් බල­ප­ත්‍රය, ගුවන් ගමන් බල­පත් සහ ලැප්ටොප් යන්ත්‍රය ඇතුළු දෑ සහිත ගමන් මල්ල කිසි­යම් පුද්ග­ල­යකු විසින් රැගෙන පලා­ගිය බවට ලද පැමි­ණි­ල්ලක් මත කළු­තර දකුණ පොලි­සිය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.





දමීර් හැඩ්සික් නමැති සර්බි­යානු ජාති­ක­යකු විසින් කළ පැමි­ණි­ල්ලක් මත මෙසේ පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

මාතර ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක නවා­තැන් ගෙන සිටී සර්බි­යානු ජාති­කයා පසු­ගි­යදා 06 වැනිදා පස්ව­රුවේ බෙලි­අත්තේ සිට මර­දාන බලා ධාව­නය වූ ශීඝ්‍ර­ගාමී දුම්රියේ ගමන් කර ඇති අතර, කළු­තර දකුණ දුම්රිය ස්ථාන­යේදී කිසි­යම් පුද්ග­ල­යකු සිය ගමන් මල්ල රැගෙන දුම්රි­යෙන් බැස පලා­ගිය බවට විදේ­ශි­කයා පැමි­ණිලි කර ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ගමන් මල්ල තුළ විදේශ ගමන් බල­ප­ත්‍රය, ගුවන් ටික­ට්පත, ඩ්‍රෝන කැම­රා­වක්, ලැප්ටොප් යන්ත්‍ර­යක්, ක්‍රෙඩිට් කාඩ්පත් කිහි­ප­යක් සහ යුරෝ 200ක මුද­ලක් තිබූ බව ඔහු පවසා පොලි­සි­යට පවසා ඇත.



සොර­කම සිදු වීමෙන් පසු නැවත දුම්රිය නතර කර ඇත්තේ පාණ­දුර දුම්රිය ස්ථානයේ බැවින් සර්බි­යා­නුවා පාණ­දුර දුම්රිය ස්ථාන­යෙන් බැස පාණ­දුර දකුණ පොලි­සි­යට සිද්ධිය දැනුම් දීමෙන් පසු කළු­තර දකුණ පොලි­සිය දැනු­ම්වත් කර ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

සර්බි­යානු ජාති­කයා හැඬූ කඳු­ළින් පාණ­දුර දකුණ පොලි­සිය අසල රැඳී සිටි බවද සඳ­හන් වේ.

සැක­කරු සොයා කළු­තර දකුණ පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක