keheliya-go-home

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දක්වා ඇති බව සඳහන් වේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ මහජන සංවිධාන එකමුතුව කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද සාමකාමී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.