kenya-woman-murder-incident

කෙටි කාලීනව කුලියට ගත් මහල් නිවාසයක් තුළ තරුණ කෙන්යානු කාන්තාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමකින් පසු ආන්දෝලනයක් මතුව තිබේ. මෙම සිදුවීම එරට වැසියන්ගේ කෝපයට හේතු වී ඇති අතර , රටෙහි අන්තර්ජාලය හරහා ස්ත්‍රී ද්‍රෝහීත්වය පවත්වාගෙන යන ප්‍රචණ්ඩකාරී "මනෝස්පියර්" සමාජ ජාලය පිළිබද හෙළිදරව් කර ඇත.

පොලිස් වාර්තාවකට අනුව, මිය ගිය කාන්තාව කොටස් කර ඇගේ දේහය ප්ලාස්ටික් බෑගයක පුරවා ඇති බව වාර්ථා වෙයි. පොලිසිය පරීක්ෂණ පවත්වන නමුත් සැකකරු තවමත් නිදැල්ලේය.

මෙම නඩුව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හී  කෙන්යානු විධායක අධ්‍යක්ෂ Irungu Houghton "කම්පනයට හා කෝපයට" පත් කර ඇත.



සති දෙකකට අඩු කාලයකට පෙර, කෙන්යානු සමාජවාදියෙකු ද නයිරෝබි අගනුවර කුලියට ගත් මහල් නිවාසයක දී ඝාතනය කරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කෙන්යාවේ ප්‍රධාන ගැටළුවකි. ජාතික සමීක්ෂණයකට අනුව, 2022 දී අවම වශයෙන් කාන්තාවන්ගෙන් 34% ක් පමණ තමන් ශාරීරික හිංසනයට ලක් වූ බව ප්‍රකාශ කළහ.

මෙම නවතම ඝාතනය කෙන්යාවේ "මනෝස්පියර්" ලෙස විස්තර කර ඇති සමාජ මාධ්‍යවල අඳුරු කොනකට ආලෝකය ලබා දී ඇති අතර, මරණය සම්බන්ධයෙන් කාන්තාවන්ට දොස් පවරමින් බොහෝ අදහස් හුවමාරු වී ඇත.

"මනෝස්පියර්" යනු පුරුෂත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන සහ ස්ත්‍රීවාදයට එරෙහිව ක්‍රියා කරන සබැඳි වේදිකා ජාලයකි.

 X හි (ට්විටර්) එක් කෙන්යානු මිනිසෙක් පැවසූවේ,

කිසිම ක්‍රියාකාරීත්වයකින් ස්ත්‍රී ඝාතනය නතර කිරීමට හැකි වනු ඇතැයි තමා නොසිතන බවයි.
"කාන්තාවන් තම ආරක්ෂාවට මුල් තැන දීම" කළ යුතු බව ඔහු කියා සිටියේ, එකම "විකල්පය" එය වන බව පවසමිනි.

කෙන්යාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී Esther Passaris පැවසුවේ, කෙන්යාව පීතෘමූලික සමාජයක් වන නිසාත්, කාන්තාවන් පහත් කොට සලකන නිසාත් වින්දිතයාට අන්තර්ජාලය හරහා දොස් පැවරීම ගැන තමා පුදුම නොවන බවයි. ඇය පවසන්නේ මහජනතාවගේ අවධානයට ලක්වන කාන්තාවක් වන තමාට ද අවමන් සහගත වචන භාවිතා කරන බවත් , බොහෝ විට තමාව "ගණිකාවක්" ලෙස හඳුන්වන බවත්ය.

Houghton මහතා පැවසුවේ , මෙම ප්‍රකාශයන් හුදෙක් ස්ත්‍රී ද්‍රෝහී පිරිමින්ගේ හුදකලා සිද්ධීන් නොවන නමුත් මේ තුළින් “කාන්තාවට වෛර කිරීමේ” පුළුල් සංස්කෘතියක් පෙන්නුම් කරන බවයි.

"ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට හේතු වන දේ මත කෙන්යාවේ සමාජය බෙදී පවතී." යැයි Houghton මහතා පැවසීය.

විෂම පුරුෂාධිපත්‍යයට අභියෝග කරන 35 හැවිරිදි ක්‍රියාකාරිකයෙකු වන Onyango Otieno පැවසුවේ ,

කාන්තාවන්ට වැඩි සමානාත්මතාවයක් ඉල්ලා සිටීමෙන් "පිතෘමූලිකත්වය" ඉවත් වන බැවින් , පිරිමින් නින්දා සහගතව එම ඉල්ලීම ඉවතලන බවයි.

ඔහු පවසන්නේ , කෙන්යානු පිරිමින් තමා කාන්තාවන්ට වඩා ඉහළින් සිටින බව විශ්වාස කරන  අතර ස්ත්‍රීවාදයේ නැගීම බොහෝ පිරිමින්ට අගෞරවයක් සේ දැනෙන බවයි. කාන්තාවන් සමග සමාන මනුෂ්‍යයන් ලෙස සහජීවනයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ පිරිමින්ට උගන්වා  නැති වීම සම්බන්ධයෙන් ඔටීනෝ මහතා කණගාටු වෙයි.

ඔහු පවසන්නේ බොහෝ පිරිමින් මෙම යථාර්ථය සමඟ අරගල කරන අතර, "මනෝස්පියර්" යනු එක් අතකින් "පීතෘමූලිකත්වයේ පොරොන්දුව" සඳහා සටන් කරන ආකාරයකි.