kim-jong-un-age

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ගේ වයස පිළිබඳ පැවති ගාටලු නිරාකරණය කරගෙන ඇති බවයත් ඔහුගේ වයස 40 ක් විය හැකි බවට  සැක පළ කරන බවත් බීබීසී වාර්තාවක දැක්වේ.
රහසිගත පුද්ගලික ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයා කිසි විටෙකත් ඔහුගේ උපන්දිනය හෙළි නොකළ අතර, එය සැබවින්ම යෙදී ඇත්තේ කවදාදැයි යන්න සම්බන්ධව  ප්‍රහේලිකාවක් ඇති කර ඇත.



නමුත් සඳුදා දිනයේ දී ඔහු සහ ඔහුගේ දියණිය කුකුළු ගොවිපලකට යන ආකාරය පිළිබඳ නිල පින්තූර නිකුත් විය.

කිම් ගේ පියා වන Kim Jong Il සහ සීයා වන Kim Il Sung ගේ උපන් දිනයන්,  ඔවුන් බලයේ සිටි කාලය තුළ රටෙහි විශාල, ජාතික සැමරුම් දින වූ අතර, එම දිනයන් අද දක්වාම නිවාඩු දින වශයෙන් සලකුණු කර ඇත.

ජනවාරි 8 ලෙස යෝජනා කර ඇති නිවාඩු දිනය රහසක්ව පවතින්නේ මන්දැයි යන්න මත සැක මතුවිය. 2020 ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දින සුබ පැතුමකට , උතුරු කොරියානු නිලධාරීන් ස්තුති කිරීමත් සමඟ , කිම්ගේ උපන් දිනය ජනවාරි 8 විය හැකි බවට ඉඟි පළ කර ඇත .

මීට වසර හයකට පෙර එක්සත් ජනපද පැසිපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන් විසින්ද ,

ජනවාරි 8 වන දින දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කිම් ජොන් උන්ට සුබ උපන්දිනයක් යැයි ගායනා කළ අතර, ඒත් සමග උපන් දිනය පිළිබඳ තවත් සාක්ෂි මතු විය .

උතුරු කොරියානු කටයුතු පිළිබඳ විශේෂඥ වෙබ් අඩවියක් වන One Korea Center හි ප්‍රධානී Gilsup Kwak විසින් , මෙසේ උපන් දිනය සගවා තබා ගැනීමට හේතු ගණනාවක් පෙන්වා දෙයි.  කිම්ගේ මව වන Ko Yong Hui  ජපානයේ උපත ලැබූ බව වාර්තා වේ .

1910 සහ 1945 අතර කාලයේ ,උතුරු කොරියානු කලාපය යටත් විජිතයක් බවට පත් කළ ජපානය කෙරෙහි තවමත් පුළුල් අවිශ්වාසයක් උතුරු කොරියානු සමාජය තුළ පවතින අතර, උපන් දිනය සගවා තබා ගැනීමෙන් කිම් ජොන් උන්ගේ ලේ උරුම ප්‍රකාශයන් වලක්වනු ඇත. එයින් අදහස් වන්නේ කිම්ගේ මව පිළිබද පුවත මෙතෙක් රහසිගතව තබාගෙන සිට ඇති බවයි.



ඇතැමුන් පවසන්නේ , ඔහුගේ වයස ගැටලු සහගත වන බවයි. විශේෂඥයන් පවසන්නේ , උතුරු කොරියාවේ පාලක ප්‍රභූ පැලැන්තියේ වැඩිහිටි සාමාජිකයින් පවසන්නේ, කිම් තවමත් තරුණ වැඩි බවයි. නමුත් ඔහුගේ පියාගේ උපන්දිනය නිල නිවාඩු දිනයක් බවට පත් වූයේ ඔහුට වයස අවුරුදු 40 දී වීම කැපී පෙනේ.