lenin-100-memo

රුසියානු කොමියුනිස්ට්වාදීන් විශාල පිරිසක් ඉරිදා රතු චතුරශ්‍රයට රැස්ව සිටියේ, සෝවියට් නිර්මාතෘ අනුස්මරණය කරන නිල සිදුවීම් කිහිපයෙන් එකක් වන ව්ලැඩිමීර් ලෙනින්ගේ අභාවයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා ය.




බොල්ෂෙවික් විප්ලවවාදියාගේ අභාවයේ වසර 100 සැමරීම සාමාන්‍ය රුසියානුවන් බොහොමයක්  දුරට නොසලකා හැර ඇත.



නමුත් ලෙනින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිළිබඳ අදහස් දරන්නන් විසින් දිගටම ගෞරවයට පාත්‍ර වේ.

එහි සිටි 47 හැවිරිදි යුලියා පවසා ඇත්තේ “මම මෙහි පැමිණියේ අපේ නායකයා, සෝවියට් රාජ්‍යයේ නිර්මාතෘ ව්ලැඩිමීර් ලෙනින් ගේ මතකයට ගෞරව කිරීමටයි,”යනුවෙන් ය

ඇය වැඩි දුරටත් කියා සිටියේ ඔහුගේ අදහස් බොහෝ විප්ලවවාදීන්ට, ජනතාවගේ දීප්තිමත් අනාගතය සඳහා සටන් කරන්නන්ට, යුක්තිය සඳහා මාවත ආලෝකමත් කරන දේ හැටියටයි


මැතිවරණයට සහභාගී වීමට අවසර දී ඇති දේශපාලන පක්ෂ කිහිපයෙන් එකක් වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ධජය , දිවංගත නායකයාගේ ඡායාරූප එක් කොට රැගෙන  විත් ඇති අයුරු දැකගත හැකි විය

මේ පිලිබදව අදහස් දැක්වූ 73 හැවිරිදි නිකොලායි  පැවසුවේ ඔහු රුසියාවට පමණක් නොව මුළු ලෝකයටම කාර්යභාරයක් ඉටු කල බවත්,විප්ලවයෙන් පසු, මුළු ලෝක ධනේශ්වරයම බිය වූයේ ඔවුන්ගේ කම්කරුවන් ද නැගිට විප්ලවයක් ආරම්භ කරනු ඇති නිසා බවත් පවසා ඇත



තවද මේ පිලිබදව අදහස් දැක්වූ 78 හැවිරිදි විශ්‍රාමික වැලන්ටිනා ඇලෙක්සැන්ඩ්‍රොව්නා පැවසුවේ  රටක් යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙද්දී එයට එරෙහිව සටන් කිරීමට යමෙක්  සන්නද්ධ කළ හැක්කේ ලෙනින්වාදී මූලධර්මයට පමණක් වන බවයි


1924 ජනවාරි 21 වන දින ලෙනින් මිය ගිය අතර , සෝවියට් බලධාරීන් ඉක්මනින් ඔහුගේ දේහය එම්බාම් කර සොහොන් ගෙයක් ඉදි කර ඇත

සෝවියට් යුගයේ නායකයාට ගෞරව දැක්වීමට විශාල ජනකායක් පෝලිම් ගැසූ නමුත් අද වන විට ඔහුගේ එම්බාම් කරන ලද දේහය බොහෝ දුරට සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.

විශේෂම දෙය වන්නේ රුසියානු අධිරාජ්‍යය යුක්‍රේනය වැනි ජාතික රාජ්‍යයන් වලට බෙදීමේ දී,ලෙනින්ගේ කාර්යභාරය වෙනුවෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම  සියවස් සැමරුම පිළිබද කිසිදු  අදහසක් දක්වා නොමැති වීමය