liquer-price-hike

වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.





 ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවමින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මෙම වෙනසට ආසන්න හේතුව වන්නේ එයයි.

මෙරට පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6000ක් වන බද්ද රුපියල් 6840 ක් දක්වා ඉහළ නංවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම මෙම නව ගැසට් නිවේදනයට අනුව මෙරට නිෂ්පාදිත විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6600ක් වන බද්ද රුපියල් 7320ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.