පාර්ලිමේන්තුවේදී ඔහු ඊයේ (10දා) සඳහන් කර සිටියේ "අපි පාරේ නිදහසේ ගමන් කරනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ" යනුවෙනි.
සභාවේ කටයුතු ආරම්භයේදී කථානායක අවසරය මත ප්‍රකාශයක් කරමින් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසූයේ, "පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ටම බලපාන ප්‍රශ්නයක් ගැන කතා කරන්න පොඩ් වෙලාවක් දෙන්න. ඊයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වුණා. ඉල්ලා අස්වෙලා ප්‍රකාශයක් කළා. එතුමට පාරේ යන්න බෑ ළමයින්ට ඉස්කෝලේ යන්න බැහැ කියලා. ඒ නිසා කලකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා එතුමා කිව්වා. හැබැයි මෙතන ඉන්න දෙසිය විසි හතර දෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි පාරේ යනවා නිතර ගමන් කරනවා.
අද මාධ්‍ය මේ සිද්ධිය මන්ත්‍රීවරුන් හෑල්ලුකරමින් හුවා දක්වලා තියෙනවා.
මේ මන්ත්‍රීවරයා අයින් වුණාට පස්සේ ඊළඟට එන්නේ ද්විත්ව පුරවැසියෙක්. අද පත්තරේ තියෙනව ලක්ෂ නවසීයක් අරගෙන ඉල්ලා අස්වුණා කියලා. ඒ නිසා මේ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ කාටත් හොඳ නැහැ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්නත් පස්සේ ඕස්ට්‍රේලියාවට පදිංචියට යන්නත් 225ම පාවා දීල කරන කතාව වැරදියි. ඒ නිසා මෙතන සියලු දෙනාට අසාධාරණයක් වෙනවා. ඒ ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා” යනුවෙනි.
නිදර්ශන වික්‍රමසිංහ
0 Comments