බටහිර අප්‍රිකාවේ නිරිතදිග මාලි ප්‍රදේශයේ වැඩ කරමින් සිටි පතලක් කඩා වැටි යාමෙන් පසුගිය සතියේ 40කට අධික රන් පතල් කම්කරුවන් මිය ගිය බව මාලිහි පතල් අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කොට ඇත.
බටහිර අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය බවට පත්ව ඇති මෙම ‘පතල් කඩාවැටෙන‘තත්ත්වය ලෝහ සඳහා වැඩිවන ඉල්ලුම සහ මිල ඉහළ යාම හේතුවෙන් මෑත වසරවලදී ඉහළ ගොස් ඇත.
මෙහිදී කාර්මික පතල්කරුවන් බොහෝ විට කැණීම් සඳහා පැරණි තාලයේ සහ නියාමනය නොකළ ක්‍රම භාවිතා කරන බැවින් මාරාන්තික අනතුරු නිතර සිදු වේ.
මාලි හි සිදුවීම සිකුරාදා නිරිතදිග කොලිකෝරෝ කලාපයේ කන්ගාබා සර්කල් හි සිදු වූ බව පතල් අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිට ඇති අතර මේ වන තෙක් මරණ සංඛ්‍යාව නිශ්චිතව දක්වා නොමැත.
අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන Baye Coulibaly බදාදා දින පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව තවමත් සදහන් කළ නොහැකි බවයි.
සිදුවීමට අනුව Coulibaly පවසන්නේ "රත්රන් පෑනර් විසින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස එය හාරා ඇති බවත් ,ඔවුන්ට එසේ නොකරන ලෙස අවස්ථා ගණනාවකදීම උපදෙස්ද ලබා දී තිබූන බවත් ය.
අනතුර පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා කන්ගාබා ප්‍රදේශයට මෙහෙයුමක් යැවීමට කටයුතු කරන බව ඔහු පවසා ඇත.
කෙසේනමුත් පතල් අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2023 දී මාලි හි ශිල්පීය පතල්වලින් රත්රන් ටොන් හයක් නිෂ්පාදනය කර ඇත.
0 Comments