melania-trump-mother-funeral

බිරිඳ මෙලනියාගේ මව වන Amalija Knavs මහත්මියගේ අවමංගල්‍ය සදහා  ෆ්ලොරිඩාවේ පෞද්ගලික අවමංගල්‍ය උත්සවයකට ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වී තිබේ.
වයස අවුරුදු 78 දී මිය ගිය තම මවගේ මරණය හිටපු ජනාධිපති ආර්යාව මේ මස මුලදී , නිවේදනය කළාය .
තම මව "අඳුරු  සමයක ආලෝක කිරණක්" ලෙස සිටි බව සිහිපත් කරමින්, හිටපු ජනාධිපති ආර්යාව අවමංගල්‍ය උත්සවයේදී ප්‍රශංසාත්මකව මවගේ ගුණ කථනය කළාය.


ට්‍රම්ප් මහතාට අවමංගල්‍ය උත්සවයට සහභාගී වන්නට සිදුවූයේ නිව්යෝර්ක් හි විභාගවන ඔහුගේ අපහාස නඩු විභාග උසාවි සැසියක් මඟ හරිමිනි. මෙම ගමන වෙනුවෙන් නඩු විභාගය දිනකට කල් දැමීමට ට්‍රම්ප් ඉල්ලුවත්  විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර තිබුණි.



Amalija Knavs සහ ඇගේ සැමියා වන Viktor මහතා, ස්ලෝවැකියානු පුරවැසියන් වූ අතර  2018 දී එක්සත් ජනපද පුරවැසියන් බවට පත් වූයේ
 හරිත කාඩ්පත් හේතුවෙනි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  හරිත කාඩ්පත් වීසා ක්‍රියාවලිය මින් ඉහත සමච්චලයට ලක්කර තිබූ නමුත් ඔහුගේ මාමා හා නැන්දම්මා ඇමරිකාවට ගෙන්වූයේ ඒ මගිනි.

Amalija මහත්මිය ස්ලෝවේනියාවේ සෙව්නිකා නගරයේ රෙදිපිළි කම්හලක සේවය කර ඇති අතර Viktor මෝටර් රථ අලෙවිකරුවෙකු විය.

මෙලනියා මුල්වරට ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසෙන්නේ 1998 වසරේදී නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදීය. ඔවුන්ට 2006 දී බැරන් නම් පුතෙකු උපන් අතර,  එම වසරේම ඇය එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගත්තාය.