mig-fraud-court

මිග් යානා ගනු­දෙ­නු­වට අදා­ළව සැක­ක­රු­වන් ලෙස නම් කර සිටින සිංග­ප්පූරු ජාතික ටී. එස්. ලී සහ එන් ජේ. ලේක්හිම් යන දෙදෙනා සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වී­මට ලබන 17 වනදා අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ (08) නියෝග කළේය.

සිංග­ප්පූරු ජාති­ක­යන් මේ නඩුවේ සැක­ක­රු­වන් නොවන බවත් ඔවුන් දෙදෙ­නාට නිකුත් කර ඇති නිල් නිවේ­ද­නය ආපසු කැඳ­වන ලෙසත් ඉල්ල­මින් ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා ඇතුළු නීති­ඥ­යින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ නියෝ­ගය සිදු කළේය.



මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මෝස­මක් ගොනු කර­මින් ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා දන්වා සිටියේ මෙම ප්‍රශ්න­ගත ගුවන් යානා ගනු­දෙ­නු­වේදී මේ විදේශ ජාති­ක­යන් දෙදෙනා තැරැ­ව්ක­රු­වන් ලෙස පම­ණක් කට­යුතු කර ඇති බවය.

නීති­ඥ­ව­රයා මෙසේ ද කීය.

“මේ සිද්ධි­යට අදා­ළව ගනු­දෙ­නුව සිදු වූ අව­ස්ථා­වේදී කට­යුතු කළ මිග් යානා ගනු­දෙ­නු­වට අදාළ ගිවි­සුම් අත්සන් කළ හිටපු ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් රොෂාන් ගුණ­ති­ලක යන අය මෙහි ප්‍රධා­න­තම සැක­ක­රු­වෙක්. ඔහු අත්අ­ඩං­ගු­වට නොගෙන මෙහි තැරු­ව්ක­රු­වන් ට වරෙන්තු නිකුත් කර තිබෙ­නවා. ප්‍රශ්න­ගත ගනු­දෙ­නුවේ මුල් ගිවි­සුම අස්ථා­න­ගත වී ඇති බවට එයාර් වයිස් මාර්ෂල් ජය­නාත් කුමා­ර­සිංහ යන අය ප්‍රකාශ ලබා දී තිබෙ­නවා. ඔහු සම්බ­න්ධ­යෙන් ගෙන ඇති පිය­වර කුමක්ද? රාජ්‍ය­යන් දෙකක් අතර එළැඹි ගිවි­සු­මක්. එලෙස අස්ථා­න­ගත විය හැකිද? ඩොලර් මිලි­යන 15ක් සම්බන්ධ ගනු­දෙ­නු­වක්. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් අද වන­තුරු පිය­වර ගෙන නැහැ. මේ නඩුව වසර 8ක් තිස්සේ පව­ත්වා­ගෙන යනවා. අපි මෙහි අත­ර­මැ­දි­යන්. වර­දක් කර නැහැ. නඩු ගොනු­වත් අඩි එක­හ­මා­රක් පමණ උසයි .

මේ දෙදෙනා බැලූ බැල්මට සැක­ක­රු­වන් නොවන බව පෙනී යනවා. විදේශ ජාති­ක­යන් දෙදෙනා මේ සිද්ධියේ සාක්ෂි­ක­රු­වන් විය යුතුයි. එවි­ටයි මේ නඩුව පව­ත්වා­ගෙන යා හැකි වන්නේ. එහෙ­යින් ඔවුන්ට මේ නඩුව සඳහා පැමි­ණි­මට හැකි වාතා­ව­ර­ණ­යක් සකස් කර දෙන්න” යැයි විදේශ ජාති­ක­යන් දෙදෙනා වෙනු­වෙන් දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කර­මින් ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

මේ කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මේ සම්බ­න්ධ­යෙන් ඉදිරි දින කරුණු දක්වන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළේය.

මෙම සිද්ධියේ සැක­ක­රු­වෙක් ලෙස අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර සිටි හිටපු රුසි­යානු තානා­පති උද­යංග වීර­තුංග මහතා ඇප මත මුදා හැර ඇත.

සිංග­ප්පූරු ජාතික ටී. එස්. ලී, එන්. ජේ. ලේක්හිම්, පෙර­ගො­ඩව් ,මයි­කෝලා කුර්ද­කෙව් සහ ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ පී. දොන් ජය­නාත් කුමා­ර­සිරි යන පුද්ග­ල­යන් මෙන්ම ඩී එස් එලා­යන්ස් සමා­ගම,බෙල­රුස් හෝල්ඩින්ග්ස් සමා­ගම් ‍ මෙම නඩුවේ සැක­ක­රු­වන් ලෙස නම් කර ඇත.

2018 වසරේ දෙසැ­ම්බර් මස 12 වනදා මිග් යානා ගනු­දෙ­නු­වට අදා­ළව සිංග­ප්පූ­රුවේ පිහිටි බෙරි­මිසා සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රුන් වන ටී. එස්. ලී, ඔහුගේ බිරිය වන එන්. ජේ. ලේක්හිම් යන දෙදෙ­නාට කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ජාත්‍ය­න්තර වරෙන්තු නිකුත් කර ඇත.

 සුභා­ෂිණී සේනා­නා­යක