mihinthala-threat-fb-arrest

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවේදියකු බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකුගේ සහෝදරයා බව ද

පොලිසිය කියයි.මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන්ට බැණ වැදීම, රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීම හා අපහාස අපහාස කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙසේ සිටියදීය. මෙම සැකකාර තැනැත්තා මීට දින දෙක තුනකට පමණ පෙර මිහින්තලේ මහ නාහිමිට එරෙහිව මිහින්තලේ නගර මධ්‍යයේ වටරවුමේ රැඳී සිට, උපවාසයකද යෙදී ඇති බව පොලිසිය කියයි. එම තැනැත්තා එදින ඉවත් කිරීමෙන් අනතුරුව, දිගින් දිගටම අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සමාජ මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.
 උපුල් හේරත්