modi-moldevs

ඉන්දියාව සහ එරට අග්‍රාමාත්‍ය Narendra Modi  සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ නිකුත් කළ මාලදිවයිනේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම නිලධාරීන් , Modi  මහතාගේ සමාජ මාධ්‍ය සටහනකට ප්‍රතිචාර දක්වමින් ඔහුව,  "විකටයෙක්", "ත්‍රස්තවාදියෙක්" සහ "ඊශ්‍රායලයේ රූකඩයක්" ලෙස හඳුන්වා ඇත.

මාලදිවයින් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ , එම ප්‍රකාශයන් පෞද්ගලික ඒවා වන අතර රජයේ මතය නියෝජනය නොකරන බවයි.මෙවැනි ප්‍රතිචාරයක් විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද්දේ , අමාත්‍යවරුන් ගේ ප්‍රකාශය ඉන්දීය සමාජ මාධ්‍යවල කැළඹීමක් ඇති කිරීමෙන් පසුවය.


"ප‍්‍රකාශවලට වගකිව යුතු සියලූම රාජ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ තනතුරුවලින් අත්හිටුවා ඇත", යනුවෙන් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මුයිසු මහතා පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසුව,   75 ක පමණ ඉන්දීය භට කණ්ඩායමකට රට හැර යන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ඉන්දියාව සහ මාලදිවයින අතර දැනටමත් ආතතියක් පවතී.

වැඩ තහනමට ලක්වූ අමාත්‍යවරුන් තිදෙනා වන්නේ මල්ෂා ෂරීෆ්, මාරියම් ෂිඋනා සහ අබ්දුල්ලා මහසූම් මජිඩ්ය. ඔවුන් නෙරපා හරින ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියද, මාලදිවයින් මාධ්‍ය සඳහන් කළේ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමක් පමණක් කර ඇති බවයි.

ඉන්දීය දූපත් දාමයක් වන ලක්ෂද්වීප් වෙත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප ඇතුළත් X (ට්විටර්) හි පළ කරන ලද Modi  මහතාගේ සටහනකට ප්‍රතිචාර වශයෙන් මොවුන් තිදෙනා මෙම මතභේදාත්මක අදහස් පළ කළහ .

මාරියම් ෂියානා මහත්මිය ඉන්දියාව ගව ගොම සමඟ සංසන්දනය කළාය. මෙය ඉන්දියානු සමාජ මාධ්‍යවල කෝපයක් ඇති කළ අතර , #BoycottMaldives සහ #ExploreIndianIslands වැනි හැෂ් ටැග් ප්‍රවණතා ලබා ගත්තේය.

ඇතැමුන් මේත් සමග මාලදිවයිනේ සිදු කිරීමට තිබු ඔවුන්ගේ නිවාඩු අවලංගු කරන බව පැවසූහ. පසුගිය වසරේ මාලදිවයිනට පැමිණි විශාලතම සංචාරකයින් පිරිස අතර ඉන්දියානුවන් ද විය. ඉන්දියානු ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන EaseMyTrip හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ , තම සමාගම මාලදිවයිනට සිදු කරන සියලුම ගුවන් ගමන් වෙන්කිරීම් අත්හිටුවා ඇති බවයි.

මෙම මාලදිවයින් දූපත් සමූහය , රිදී වැලි වෙරළ, නිවාඩු නිකේතන සහ කොරල් දූපත් සඳහා ප්‍රසිද්ධය.

බොලිවුඩ් තරුවක් වන අක්ෂේ කුමාර් මෙන්ම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානුවන් මෙම ප්‍රකාශය පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කළහ.

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි විසින්, මෙම නිලධාරීන් තිදෙනා විසින් "ඉන්දියාවට එරෙහිව ඉදිරිපත් කළ වෛරී සහගත ප්‍රකාශයන්"  දැඩි ලෙස හෙළා දුටුවේය. "ඉන්දියාව සැමවිටම මාලදිවයිනට හොඳ මිතුරෙකු වී ඇති අතර, දෙරට අතර පැරණි මිත්‍රත්වයට අහිතකර ලෙස බලපෑ හැකි එවැනි නිර්දය ප්‍රකාශවලට අපි ඉඩ නොතැබිය යුතුය", යැයි ඔහු X හි පැවසීය.

තවත් හිටපු ජනාධිපතිවරයෙක් වන මොහොමඩ් නෂීඩ් සමාජ මාධ්‍ය හරහා පැවසූවේ මෙවැනි ප්‍රකාශන "භයානක" වන බවයි.

කලකෝලාහලයක් ඇති වීමෙන් පසු , මෙම මතභේදාත්මක පෝස්ට් මකා දමා ඇත.

මුයිසු මහතා  ඉන්දියාවේ ප්‍රතිවාදියා වන චීනයේ පස්දින රාජ්‍ය සංචාරයක් කිරීමට පෙර මෙම මතභේදය ඇති විය.

මීට පෙර සිටි මාලදිවයින් නායකයින් විසින් ඡන්දයෙන් තේරී පත්වීමෙන් පසු , තම ප්‍රථම සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි බැවින් , මුයිසු මහතාගේ බීජිං සංචාරය ඉන්දියාවට ඉහළ පෙළේ නින්දාවක් ලෙස සැලකේ. නොවැම්බර් මාසයේදී මුයිසු බලයට පත්වීමෙන් පසු , ඔහුගේ පළමු ජාත්‍යන්තර සංචාරය ලෙස තුර්කිය තෝරා ගත්තේය.

ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන දිල්ලියට මෙය රාජ්‍ය තාන්ත්‍රික පසුබෑමක් ලෙස පෙනෙනු ඇත.


මුයිසු මහතාගේ බීජිං සංචාරය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ, “ඔවුන් යන්නේ කොතැනටද සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යන්නේ කෙසේද යන්න තීරණය කිරීම ඔවුන් සතු වන බවයි. මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ යාවත්කාලීනයක් නොමැති බව ද ඔහු පැවසීය. මාලදිවයිනට පරිත්‍යාග කළ සමුද්‍රීය ගලවා ගැනීමේ සහ නිරීක්ෂණ ගුවන් යානා තුනක් නඩත්තු කිරීම සඳහා තම ආරක්ෂක නිලධාරීන් මාලදිවයිනේ සිටින බව ඉන්දියාව පවසයි.

ඉන්දියන් සාගර දූපත් සමූහයක් වන මාලදිවයින් දූපත් සමුහය දිගු කලක් ඉන්දියාවේ බලපෑමට යටත්ව පවතින අතර, එය වෙනස් කිරීමට මුයිසු මහතාට අවශ්‍ය වී ඇති බව පෙනේ.

දෙසැම්බරයේ දී මාලදිවයින් මාලදිවයින් ආන්ඩුව කියා සිටියේ, මාලදිවයින් මුහුදු පත්ල සිතියම්ගත කිරීමේ දී සහයෝගීව කටයුතු කිරීමට දිල්ලි නගරයට අවසර දුන් ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කරන බවයි.

මාලදිවයින් රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ලබන වසරේ ජුනි මාසයේදී අවසන් වීමට නියමිතව ඇති ගනුදෙනුව නැවත අලුත් නොකරන බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔහු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විගසම, මුයිසු මහතා පැවසුවේ , ඉන්දියාව ප්‍රමුඛ කොට සැලකූ සෝලි මහතාගේ පෙර පරිපාලනය විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන ලද සියලුම ද්විපාර්ශ්වික ගිවිසුම් සමාලෝචනය කරන බවයි.

දිල්ලි සහ බීජිං උපායමාර්ගිකව මෙම දූපත් සමූහයෙහි පය තැබීම සඳහා තරඟ කරයි.