‘ගුරු අභිමානී‘ වැඩසටහන යටතේ එක් ගුරුවරියකට රුපියල් 2,500ක් බැගින් ලබා දීම සහ එම ප්‍රමාණය මේ වසරේදී කෙසේ හෝ වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් “ස්ථාවර රටකට සැවොම එක මගකට” මැයෙන් ඊයේ (ජන. 11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා ය.
දරුවෙකුට ඉගැන්වීම යනුවෙනම ම කාර්යයක් බැවින් ඒ පිළිබඳ මනා අවබෝධයක් පෙර පාසල් ගුරුවරුන්ට මේ වන විට ලබා දී ඇති අතර 2024ට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැතත් අලුතින් බැඳුණු පෙර පාසල් ගුරුවරුන්ට ද විශේෂ වැඩසටහනක් යටතේ පුහුණු කිරීමට නියමිත යැයි ද ඇය කීවාය.
රටේ මුළු පෙර පාසල් සංඛ්‍යාව 19,216ක්ද මුළු පෙර පාසල් ගුරුවරියන් ගණන 37,000ක් ද තවත් උපාධිධාරි පෙර පාසල් ගුරුවරියන් 29,000ක් සිටින බව ද පෙර පාසල් සිටින මුළු ළමයින් ගණන 585,000ක්ද අමාත්‍යවරිය පැවසුවා ය.
0 Comments