namal-speaks

අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ වී ඇත්තේ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවද එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (23) පැවසීය.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‛හූ' තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‛හූ' කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම වැළැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා ඉන්පසුව ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවද පැවසීය.

1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවද ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්ෂකයා නම් යැයි කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

යොහාන් භාසුර