
සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා, එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගත් නයන ප්‍රියංකර වාසලතිලක මහතා පත්කෙරෙනු ඇති බවට පාර්ලිමේන්තු ආරංචි
මාර්ග සඳහන් කරයි. වාසලතිලක මහතා 2020 මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 31,307ක් ලබා තිබිණි.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2015 වර්ෂයේදී චමින්ද වීජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුල්වරට තේරි පත්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval