දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද Annapoorani: the Goddess of Food චිත්‍රපටිය, හින්දු කෝවිලක ආහාර පිසින වරප්‍රසාද ලත් බ්‍රාහ්මණ කුලයේ තරුණියකගේ කතාවක් නිරූපණය කරන්නකි.
දේවත්වය හාස්‍යයට ලක්කිරීම සහ සාම්ප්‍රදායික නිර්මාංශිකයෙකු ආහාර පිසීම සහ මස් අනුභව කිරීම නිරූපණය කිරීම වැනි අවස්ථා මෙම චිත්‍රපටයේ තිබෙන අතර ඒ හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපටයක් බවට පත්විය.
ආගමික හැඟීම්වලට හානි කළ බවට චෝදනා කරන ලද චිත්‍රපටය සම්බන්ධයෙන් ඉන්දියාවේ  දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් වලින් විරෝධතා පැනනැගි අතර අවසානයේ මෙය ස්ට්‍රීම් කරමින් තිබූ ‘නෙට්ෆිල්ක්ස්‘ චිත්‍රපටය සිය වේදිකාවෙන් ඉවත් කරගන්නට කටයුතු කරන ලදි.




චිත්‍රපටයේ කතා නායිකාව  නිරූපනය කර ඇත්තේ සාම්ප්‍රදායික බ්‍රාහ්මණයන්, හින්දු පූජකයන් සහ ශුද්ධ වූ පුද්ගලයින් විසින් අනුභව නොකරන, ඇගේ පවුලේ අයගේ කැමැත්තට පටහැනිව මස් උයමින් මස් අනුභව කරන දර්ශනයි.

කෙසේනමුත් මේ වන විට හින්දු දෙවි දේවතාවෙකු වන රාම් දෙවියන්ගේ අපහාසාත්මක නිරූපණයක් ඇතුළත් කිරීම සහ මුස්ලිම්වරුන් හින්දු දක්ෂිණාංශිකයින් අතර මුස්ලිම්වරුන් හින්දුවරුන් රවටා විවාහ කර ගන්නා බවට ඔප්පු නොවූ කුමන්ත්‍රණයක් වන “ලව් ජිහාද්” ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපටය විවේචනයට ලක්විය.

පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධකම් ඇති දැඩි දක්ෂිණාංශික හින්දු කන්ඩායමක් වන විශ්ව හින්දු පරිෂාද් (VHP) බදාදා චිත්‍රපටයට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර චිත්‍රපටයට එරෙහිව ඉන්දීය Netflix කාර්යාලයෙන් පිටතද විරෝධතා දක්වා තිබුණි.



බ්‍රහස්පතින්දා උදෑසන වන විට, චිත්‍රපටයේ නිර්මාපකයින් වන Zee entertainment සමාව අයැදීමක් නිකුත් කර ඇති අතර, චිත්‍රපටය ඉල්ලා අස්කර ගන්නා බවත්, ඕනෑම අහිතකර දර්ශන ඉවත් කිරීම සඳහා නැවත සංස්කරණය කරන බවත් ප්‍රකාශ කර ඇත
එය මේ වන විට සියලුම ජාත්‍යන්තර Netflix වේදිකා වලින් ඉවත් කර ඇත.
 චිත්‍රපටයේ අධ්‍යක්ෂක, ලේඛකයින් සහ නිර්මාණකරුවන්ට එරෙහිව නඩු පවරන බව විරෝධතාකරුවන් දන්වා ඇත.

Zee එන්ටර්ටේන්මන්ට්  සමාව අයදිමින් ප්‍රකාශ  කර ඇත්තේ "හින්දු සහ බ්‍රාහ්මණ ප්‍රජාවගේ ආගමික හැඟීම් රිදවීමට චිත්‍රපටයේ සම නිෂ්පාදකයින් ලෙස ඔවුනට කිසිදු අදහසක් නොමැති බවත් , ඒ ඒ ප්‍රජාවන්ගේ හැඟීම්වලට සිදු වූ අපහසුතාවය සහ රිදවීම සම්බන්ධයෙන් සමාව  අයදින බවත් ය

කෙසේ වෙතත් නෙට්ෆ්ලික්ස් වෙතින් හකුළා ගැනීමෙන් අනතුරුව සම්පූර්ණ චිත්‍රපටය මේ වනවිට යූටියුබ් වෙත උඩුගත කර ඇති අතර නොමිලයේ ප්‍රදර්ශනය කර ඇත.එය පහතින්