new-zealand-2026-polyfluoroalkyl

නවසීලන්තය 2026 සිට රූපලාවණ්‍ය ද්‍රව්‍යවල “රසායනික ද්‍රව්‍ය” තහනම් කරන අතර, එසේ සිදු කරන පළමු රට බවටද නවසිලන්තය පත් වෙයි.  

රසායනික ද්‍රව්‍යවලින් මිනිසුන් සහ පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් , විලවුන් සඳහා perfluoroalkyl සහ polyfluoroalkyl ද්‍රව්‍ය (PFAS) එනම් තාපය, තෙල්, පැල්ලම්, ග්‍රීස් සහ ජලයට ප්‍රතිරෝධී වන ෆ්ලෝරොපොලිමර් භාවිතය තහනම් කර ඇති බව පරිසර ආරක්ෂණ අධිකාරිය (EPA) පවසයි .

PFAS ද්‍රව්‍යයන් සම සුමට කිරීමට හා රූපලාවණ්‍ය නිෂ්පාදන දිගු කල් පවත්වා ගැනීමට භාවිතා කරන අතර , ජලයට ප්‍රතිරෝධී කිරීමට විලවුන් සඳහා එකතු කරනු ලැබේ.



ඒවා ජලය, පැල්ලම් සහ තාපයට ඔරොත්තු දෙන නිෂ්පාදන සෑදීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය 14,000 ක පමණ කාණ්ඩයක් වන අතර , ඒවා ප්‍රායෝගිකව විනාශ කළ නොහැකි බැවින් “සදාකාලික රසායනික” ලෙස හැඳින්වේ.

PFAS පිළිකා තත්වයන්  උපත් ආබාධ , මිනිසුන්ගේ සහ සතුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර බලපෑම් සමඟ සම්බන්ධ වන බවට ජාත්‍යන්තර සාක්ෂි වැඩි වෙමින් පවතී . මෙම රසායනික ද්‍රව්‍යයන් පානීය ජල මූලාශ්‍ර , මුහුදු පෙණ , වැසි සහ භූගත ජලය , මුහුදු අයිස් සහ මිනිස් රුධිරයේත් පවතින බව අනාවරණය වී ඇති අතර,  රැවුල කපන ක්‍රීම් සහ ලිප්ස්ටික් වැනි රූපලාවණ්‍ය ද්‍රව්‍යවල මෙන්ම ටෙෆ්ලෝන් පෑන් සහ පීසා පෙට්ටිවල ද දක්නට ලැබෙන බව වාර්ථා වෙයි.

රූපලාවණ්‍ය නිෂ්පාදන තුළ කුඩා ප්‍රමාණයක් පමණක් මෙම  රසායනික ද්‍රව්‍ය පැවතියද ,

සිදුවිය හැකි අවදානම් පිළිබඳව පූර්ව ආරක්ෂක ප්‍රවේශයක් ගන්නා බව EPA පවසයි.

EPA හි අන්තරායකර ද්‍රව්‍ය නැවත තක්සේරු කළමණාකරු වෛද්‍ය ෂෝන් ප්‍රිසෝ පැවසුවේ,  මෙම රසායනික ද්‍රව්‍ය පහසුවෙන් විනාශ නොවන බවත්, ඒවා අපගේ ශරීර තුළ පවා ගොඩ නැගිය හැකි බවත් වන අ.තර,  ඇතැම් ද්‍රව්‍ය ඉහළ මට්ටම් වල පැවතීමේ දී විෂ සහිත විය හැකි බවත්ය.

එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත දැනටමත්  PFAS තහනම් කිරීමට හෝ සීමා කිරීමට නීති සම්පාදනය කර ඇත. 2025 ජනවාරි 1 න් පසු බලාත්මක කිරීම සඳහා සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් ඇතිව, 2022 සැප්තැම්බර් මාසයේදී රූපලාවන්‍ය ද්‍රව්‍යවල සියලුම PFAS තහනම් කළ පළමු ප්‍රධාන අධිකරණය කැලිෆෝනියාව වන අතර, මේන් සහ මිනසෝටා ප්‍රාන්ත ද 2030 සිට PFAS රසායනික ද්‍රව්‍යවලින් සාදන ලද නිෂ්පාදන තහනම් කිරීමේ නීතියක් සම්මත කළේය .

එසේම මේ වන විට යුරෝපා සංගමය ද රසායනික ද්‍රව්‍ය සඳහා පුළුල් තහනමක් පැනවීමට කටයුතු කරමින් සිටී .

මෙවැනි තවත් උදාහරණ තිබිය හැකි බව පවසමින්,  රසායනික ද්‍රව්‍ය තහනම් කළ පළමු රට නවසීලන්තය දැයි නිශ්චිතව පැවසිය නොහැකි බව EPA පවසයි.

පාරිසරික, සෞඛ්‍ය සහ විද්‍යා විශේෂඥයින් මෙම පියවර අගය කර ඇත.  .