north-korea-money-exchange

උතුරු කොරියාවෙන් පලා ගොස් දකුණු කොරියාවේ පදිංචි වී සිටින සිය ගණනක් වු උතුරු කොරියානුවන් , සෑම වසරකම තමා උපයන මුදල් උතුරු කොරියාවේ සිටින තම පවුල් වෙත යවයි. එහෙත් මෙම රටවල් දෙකම නීතිවිරෝධී මුදල් හුවමාරු කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බැවින් මෙය අවදානම් සහගත වෙමින් පවතී.

මෙම මුදල් හුවමාරු ක්‍රියාවලිය කෙතරම් සංකීර්ණ සහ දුෂ්කර දෙයක් දැයි,  දශකයකට වැඩි කාලයක් දකුණු කොරියාවේ තැරැව්කරුවකු ලෙස කටයුතු කරන Hwang Ji-sung මහතා දනී.  මෙසේ මුදල් හුවමාරු කරීම සදහා දකුණු කොරියාව, චීනය සහ උතුරු කොරියාව පුරා පැතිරී ඇති තැරැව්කරුවන් සහ කුරියර්වරුන්ගේ රහසිගත ජාලයක් අවශ්‍ය වේ.

 චීන දුරකථන භාවිත කරමින් හොර රහසේ ඇමතුම් ලබා ගන්නේ දුරස්ථ ස්ථානවලින් වන අතර, ඒ සදහා කේත නාම භාවිතා වේ.

මෙම කොටස් ඇදහිය නොහැකි තරම් ඉහළ  වන අතර යම් හෙයකින් මෙම වරදට හසු වුවහොත් , උතුරු කොරියානුවන් වසර ගණනාවක් පුරා සිය දහස් ගණනක් මිය ගිය බවට විශ්වාස කෙරෙන ක්වාන්-ලි-සෝ නමින් හැඳින්වෙන රටේ භයානක දේශපාලන සිර කඳවුරු වෙත යැවීමේ අවදානමක් ඇත.

උතුරු කොරියානු මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2023 වර්ෂයේදී උතුරු කොරියාවෙන් පලාගිය 400ක් පමණ පිරිසක් අළලා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, පලාගිය පිරිසෙන්  63%ක් පමණ උතුරේ සිටින තම පවුල්වලට මුදල් ලබා දෙන බවයි.

නමුත් 2020 සිට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ,

දකුණු කොරියාවෙන් ගලා එන මුදල් , ප්‍රතිගාමී මතවාදය සහ සංස්කෘතිය වැනි දෑට  එරෙහි මර්දනය තීව්‍ර කළේය.

"වසර කිහිපයකට පෙර හා වර්ථමානය සසඳන විට උතුරු කොරියාවේ තැරැව්කරුවන්ගේ සංඛ්‍යාව 70% ට වඩා අඩු වී ඇති බව Hwang මහතාගේ බිරිඳ වන ජූ සූ-යොන් පවසයි. ඇය ද තැරැව්කාරියක ලෙස කටයුතු කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී, දකුණු කොරියාවේ සෝල් නගරයට ආසන්න Gyeonggi පළාතේ පිහිටි Hwang සහ ජූ මහත්මිය ගේ නිවස පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් වටලා, විදේශ විනිම ගනුදෙනු පනත උල්ලංඝනය කළ බවට ඇයට චෝදනා කර ඇත. උතුරු කොරියාවට මුදල් යැවීමට භාවිත කළ බැංකු ගිණුම ඇයගේ නමින් තිබූ නිසා මෙලෙස ඇයට චෝදනා එල්ල වී ඇත. ඔවුන් දෙදෙනාට අමතරව තවත් තැරැව්කරුවන් හත් දෙනෙකු පමණ විමර්ශනයට ලක්ව ඇත.

දකුණු කොරියානු බලධාරීන් Hwang මහතාට පවසා ඇත්තේ, උතුරු කොරියාවට සිදු කරන ඕනෑම මුදල් හුවමාරුවක් "නීත්‍යානුකූල බැංකුවක්" හරහා සිදු කළ යුතු බවයි.

නමුත් Hwang මහතා පවසන්නේ,  කොරියා දෙක තාක්ෂණික වශයෙන් තවමත් යුද්ධයක පවතින බැවින් උතුරු කොරියාවට නීත්‍යානුකූලව මුදල් යැවීමට හැකි ආයතනයක් නොමැති බවයි.  

2020 දී උතුරු කොරියාව සහා දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලයක් විනාශ වී යෑමෙන් පසු , අන්තර් කොරියානු සබඳතා නරක අතට හැරෙමින් තිබේ. මේ මස මුලදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කියා සිටියේ , දකුණු කොරියාව සමඟ යලි එක්වීම තවදුරටත් කළ නොහැකි බවයි.


මෙම නීතිවිරෝධී දේශසීමා මුදල් හුවමාරු කිරීම් ආරම්භ වන්නේ , අතුරු කොරියාවේ සිට දකුණට පලාගිය පිරිස සහ උතුරේ ජීවත් වන ඔවුන්ගේ පවුල් අතර දුරකථන ඇමතුම් වලිනි.  මේ සදහා චීන ටෙලිකොම් ජාල හා චීන දුරකථන භාවිත කරනු ලබයි.

එවැනි ඇමතුම් ලබා ගැනීම සදහා බොහෝ දුර ගමන් කිරීමට සිදු වන අතර , ඇතැම් විට කඳු තරණය කිරීමට පවා සිදු වෙයි.  මේ හේතුව නිසා උතුරු කොරියානු තැරැව්කරුවන් විසින් ඇමතුම් සඳහා පහසුකම් සපයයි.



බොහෝ වේලාවක් ගත වීමෙන් පසු  ඇමතුම සම්බන්ධ වන අතර, දකුණු කලාපයේ සිටින තැනැත්තා තම උතුරු කොරියානු පවුල් සමඟ මුදලකට එකඟ වනු ඇත. එහෙත්  රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිරීක්ෂණ මඟහැරීමට මෙම සංවාදය වේගවත් විය යුතුය.

පලාගිය පුද්ගලයා දකුණු කොරියාවේ තැරැව්කරුවන් හරහා චීන ගිණුමකට මුදල් තැන්පතුවක් කරන අතර,  මෙසේ යවන මුදල් උතුරු කොරියාවට යැවීම  චීන තැරැව්කරුවන්ට භාර වෙයි. නමුත් චීන රජයද විදේශ මුදල් ගලායාම නිරීක්ෂණය කරන බැවින් මෙය ද අවදානම් සහගත තත්ත්වයකි.

චීනය උතුරු කොරියාවේ වැදගත්ම මිතුරා වන බැවින් දේශසීමා නීති තරමක් ලිහිල් වෙයි. උතුරු කොරියාවෙන් පලාගිය අයගෙන් ලැබෙන මෙම මුදල් බොහෝ විට හුවමාරු වන්නේ ,  චීන සහ උතුරු කොරියානු වෙළඳ සමාගම් අතර ගනුදෙනු වශයෙනි. එසේ යවන මුදල් උතුරු කොරියාවේ සිටින පවුල් වෙත ලබාදීමට උතුරු කොරියානු කුරියර් කිහිපයක් යොදා ගනී.

2013 දී රටින් පලා යාමට පෙර උතුරු කොරියාවේ කුරියර්වරයෙකු ලෙස සේවය කළ කිම් ජින් සොක් පවසන්නේ, ජීවිත අවදානමේ පවතින බැවින්  මුදල් බෙදා හරින පුද්ගලයින් එකිනෙකා නොදන්නා බවත්,  ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අන්වර්ථ නාමයක් ලබා දී ඇති බවත්ය.

ගනුදෙනුකරුවන් 800ක් පමණ සිටින Hwang මහතා පවසන්නේ,  මුදල් ප්‍රතික්ෂේප කළ පවුල් පවා මෙම ක්‍රියාවලියේ දී තමාට හමු වූ බවයි.  උතුරු කොරියානු ආරක්‍ෂක පොලිසිය විසින් අටවන ලද උගුලක් විය හැකි යැයි එම පවුල් බියට පත් වීම මුදල් ප්‍රතික්ෂේප කිරීමට හේතුව බව ඔහු පවසයි.

මුදල් ලබා දුන් පසු තැරැව්කරුවන් 50% ක පමණ කප්පම් මුදලක් ලබා ගනී.

මෙසේ මුදල් හුවමාරු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන වරදකරු වුවහොත් එම පුද්ගලයාට වසර 15 ක සිරදඬුවමක් හා ඔත්තු බැලීමේ වරදට වරදකරු වුවහොත් ක්වාන්-ලි-සෝ සිර කදවුර වෙත යවනු ලැබේ.

Hwang මහතා විසින් ඔහුගේ තැරැව්කරුවන් හරහා මුදල් ලබා ගත් උතුරු කොරියානුවන්ගේ සාක්ෂි පෙන්වූ අතර,

මුදල් ලැබීම හේතුවෙන් සතුටට පත් මහලු කාන්තාවක් පැවසුවේ, මෙම මුදල් ලැබීමට පෙර තමා බොහෝ අවස්ථා වල කුසගින්නේ සිටි බවත්, ඉවසිය නොහැකි අවස්ථා වල තණකොළ අහාරයට ගත් බවත්ය.

උතුරේ තිදෙනෙකුගෙන් යුත් පවුලකට වසරකට පෝෂණය කිරීමට වොන් මිලියනයක් වැය වන බව ජූ මහත්මිය පවසයි.

උතුරු කොරියාවෙන් පලා ගොස් දකුණේ ජීවත් වන පිරිසෙන් උපකාර ලබන පුද්ගලයින් සඳහා "Hallasan stem" යන යෙදුම භාවිතා කරන බව Hwang මහතා පවසයි. Hallasan යන්නෙන් අදහස් කරන්නේ දකුණු කොරියාවේ දර්ශනීය ජෙජු දූපතේ පිහිටි සුප්‍රසිද්ධ ගිනි කන්දක් වන හලා කන්දයි.


දකුණු කොරියාව තැරැව්කරුවන් මර්දනය කිරීමට පටන් ගෙන ඇත්තේ මන්දැයි පැහැදිලි නැත.  නමුත් ඔත්තු බැලීම වැනි දෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි බලධාරීන් විසින් සිතීම හේතුව විය හැකි යැයි තමා විශ්වාස කරන  බව නීතිඥ පාර්ක් වොන්-යොන් පවසයි .

රටවග් දෙකෙහි ආන්ඩු දෙකේම වැඩිවන පීඩනය යටතේ, උතුරු කොරියාවෙන් පලා ගිය අයගේ පවුල් සඳහා හුවමාරු වන ජීවන මාර්ගය කතර වීමේ අවදානමක් පවතී.

තම බිරිඳ වරදකරු වුවහොත් ඇයගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන යාමට Hwang මහතා සූදානම්ය.

දෙරටේම බලධාරීන්ට මෙම තැරැව්කරුවන් නැවැත්වීමට අවශ්‍ය වුවද, ඔහු වැනි පලා ගිය පිරිස තම ආදරණීයයන් වෙත ආපසු හරවා යැවීම නොකරනු ඇතැයි කිම් මහතා විශ්වාස කරයි. අවශ්‍ය නම් එම මුදල් ලබාදීමට තමන්ම චීනයට වුවද යන බව ඔහු පවසයි. "ඇතැම් විට මම මගේ දරුවන් නැවත කිසිදා නොදකිනවා විය හැකියි. නමුත් මම ඒ අවදානම ගත්තා.  ඒ අඩුම තරමින් මගේ දරුවන්ටවත් හොඳ ජීවිතයක් ලබා දෙන්න අවශ්‍ය නිසා " යැයි කිම් මහතා පවසයි.

ඔහු දැන් දකුණු කොරියාවේ ලොරි රථ රියදුරෙකු ලෙස සේවය කරන අතර සතියේ දින පහක්ම ඔහු නිදා ගන්නේ මෙම ලොරි රථයේය.  ඔහු මෙසේ හැකි පමණින් ඉතිරි කරන්නේ වසරකට මිලියන හතරක් පමණ උතුරේ ජීවත් වන තම බිරිඳට සහ පුතුන් දෙදෙනාට යැවීමට ය.