
ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මත්පැන් සහ බියර් ටින් තොගයක් වලංගු බලපත්‍රයක් නොමැතිව – නීති විරෝධී ආකාරයෙන් සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි විශ්‍රාමික ඉංජිනේරුවරයකු නුගේගොඩ දෙල්කඳ හන්දිය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග විවිධ වර් ග වලින් හා විවිධ ප්‍රමාණවලින් යුත් විදේශීය මත්පැන් බෝතල් 52 ක් හා බියර් ටින් 168 ක් පොලිස් බාරයට ගෙන ඇත.බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන මහතාගේ උපදෙස් මත යුක්තියේ මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සුබෝභෝගී ජිප් රථය නවතා සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්පැන් තොගය හෝටලයකට භාරදීමට යන බව පවසා තිබූ බව පොලිසිය කියයි. 62 හැවිරිදි සැකකරු කොහුවල පදිංචිකරුවෙකි. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval