ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (07) අත්අඩංගුවට ගෙන තිබේ.


මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඕමානයේ සුපිරි වෙළඳසැල්වල හා වෙනත් ව්‍යාපාරික ස්ථානවල රැකියා ලබාදීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රු.2,635,000.00 ක මුදලක් ලබාගෙන ඇති අතර,


ඉන් තිදෙනෙකු ඕමානය වෙත පිටත්කර යවා ඇතත් ඔවුන්ටද පොරොන්දු වූ පරිදි රැකියාව හිමිවී නැත. ඔවුන් දිවයිනට යළි පැමිණ ඇති අතර, කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන නිළධාරීන් විසින් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවා තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මීට පෙරද කාර්යාංශ නිළධාරීන් උත්සහ කර ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, ඊයේ දින මාතලේ, ඇල්ලව හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වී තිබේ.
<

br />අත්අඩංගුවට ගත් සැකකරු අද දින (2024.01.08) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, එම්.කේ.සුමනවීර, අමිල පෙරේරා, මධුශාන් විජේවර්ධන, මනෝරි ජයවර්ධන හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.