parliament-investigation-romance

පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන එම අංශයේ සහකාර ගෘහ පාලකවරයා ඇතුළු කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙක් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සේවය කරන වයස විසි අටක් වන පුද්ගලයන් දෙදෙනකු සහ පනස් හය හැවිරිදි පුද්ගලයෙකි.



මෙම තිදෙනාත්, අපයෝජනයට ලක්වූයේ යැයි කියන සේවිකාවන් දෙදෙනාත් පාර්ලිමේන්තු මුළුතැන්ගෙය තුළ ගෘහ පාලන තනතුරෙහි සේවය කොට ඇත. මුළුතැන්ගෙය තුළදී රූමත් සේවිකාවන් කිහිප දෙනකු අපයෝජනයට ලක්වන බවට ඉකුත් කාලයේ මාධ්‍ය පළවූවත් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කොට තිබුණේ නැත.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතරුව එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තුව පොලිසියට නියෝග කොට තිබුණේ ඒ පිළිබඳ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ලබාදුන් උපදෙස් අනුව කරන ලද විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ‘අරුණ’ ට පැවසුවාය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (30වැනිදා) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් අනතුරුව ඇපමත නිදහස් කර ඇත.