payagala-incident

බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී තරුණ මළ සිරුරක් සොයාගත් බව පයාගල පොලිසිය පවසයි.මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේද යන්න වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.



මෙසේ මියගොස් ඇත්තේ ජයසූරිය ආරච්චිගේ රවීන් ෂෙරන්ජෝර්ඩන් ජයසූරිය නමැති විසි හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මොහු තම භාරකරුවන්ට මිත්තණියගේ නිවසට යන බව පවසා ඉරිදා දින පස්වරුවේ නිවසින් පැමිණ ඇති බවත් පයාගල, පැලපොල්වත්ත සේදියර් පියගම පදිංචිව සිටි ඇති අයෙකු බවත් පොලිසිය හඳුනාගෙන තිබේ.

මියගොස් සිටි තරුණයාගේගේ මෘත ශරීරය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය ඊයේ (15) පෙරවරුවේ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පයාගල මුහුදු වෙරළ ආසන්නයට පැමිණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කරන්නැයි පයාගල පොලිසියට නියෝග කර තිබේ.
 තුසිත කුමාර ද සිල්වා