
ඖෂධ අධි මාත්‍රාවක් ගත් බවට සැක කොට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු ඊයේ (22) පෙරවරුවේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති මහාචාර්වරයා (22) අලුයම 1.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබූ බව කියැවේ.
මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැවසිය හැකි බව පේරාදෙණිය පොලිසිය පවසයි.
මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් මෙම මහාචාර්යවරයා එසේ මියගොස් ඇත්තේ, කවර හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. බී. එල්. පීරිස් (60) නමැති මහාචාර්යවරයෙකු වන අතර මහාචාර්යවරයාගේ බිරිඳ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන්නියකි.
Comments
Post a Comment
Your comment will be visible after approval