piliyandala-incident

ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යමින් සිටි නවක ටෙලි නාට්‍ය නිළියකට එම ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් ලිංගික අතවරයක් සිදු කර පළායාමේ සිදුවීමක් පිළියන්දලින් වාර්තා වෙයි.

පෙරේදා සවස මෙම සිදුවීම සිදුව ඇත්තේ පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදීය. නවක නිළිය විසින් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ ප්‍රදේශය දක්වා පෞද්ගලික ගමනක් සඳහා කුලී රථ සේවා පහසුකම් සපයන ඇප් එකකින් ත්‍රිරෝද රථයක් ලබා ගෙන ඇත.

පසුව එම ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා ත්‍රිරෝද රථය ගමන් කර ඇත්තේ පිළියන්දල ප්‍රදේශය හරහාය. එහිදී වර්ෂාවක්ද පැවති අතර ත්‍රිරෝද රථයේ රියැදුරු එහි යම් කාර්මික දෝෂයක් ඇති බව පවසා රථය ජාලියගොඩ ප්‍රදේශයේදී පාළු පෙදෙසක මාර්ගය අයිනේ නවතා ඇත. පසුව එක්වරම පසුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය වෙත පැමිණ ඇයට බලහත්කාරකමක් සිදු කර තිබේ.
රියදුරු ඇයගේ මුව වසා පපු පෙදෙස අතගාමින් අතවරයකට උත්සාහ කර ඇති අතර ඇය කෑගැසූවත් අවට කිසිවෙකු නොසිටි නිසා එකවර බේරුමක් තිබී නැත.
කෙසේ වෙතත් ඇය  ත්‍රිරෝද රථ රියැදුරා තල්ලු කර දමා රථයෙන් පිටතට එන්නට ටික වේලාවකින් සමත්වී ඇති අතර එළියට විත් කෑ ගසා තිබේ. තරමක් දුරින් සිටි පිරිසකට මෙම හඩ ඇසී ඇත. එහිදී අවට පිරිස එම ස්ථානයට රැස් වනවාත් සමගම ත්‍රිරෝද රථ රියැදුරු රථයෙන් නැගී එම ස්ථානයෙන් පලා ගොස් ඇත.



පලාගිය සැකකරු සොයා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ නියමයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර
 රංගන ශිල්පි­නි­ය­කට ත්‍රිරෝද රථ­ය තුළ දී ලිංගික අත­වර කළ ත්‍රිරෝද රථ රිය­දුරු ලෙස කට­යුතු කර ඇත්තේපොලිස් පරී­ක්ෂ­ක­ව­රයකු බවට හඳුනාගෙන අත්අ­ඩං­ගු­වට ගන්නට පැය කිහිපයක් තුළ සමත් විය. අදාළ ඇප් එකෙහි මෙම සැකකරුගේ ලියාපදිංචි දත්ත තිබීම මෙම අත්අඩංගුවට ගැනීමේදී පහසුවක් වී තිබේ.

සැක­කරු අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ස­මට අනු­යු­ක්තව සේවය කර­න්නෙකි. රංගන ශිල්පි­නිය කුලී ගමන් පහ­සු­කම් සප­යන අන්ත­ර්ජා­ල ඇප් එක ඔස්සේ ත්‍රිරෝද රථ­යෙ කටු­බැද්දේ සිට ඇන­වුම් කර තිබූ බව පැවසේ. එහිදී පැමිණ තිබූ රථ­යට ගොඩ වූ ඇය නුගේ­ගොඩ දක්වා යන ලෙස රියැ­දු­රුට පවසා තිබූ අතර ඔහු කටු­බැද්දේ සිට පිළි­ය­න්දල හරහා ජාලි­ය­ගො­ඩට දෙසට යමින් සිටි­යදී පව­තින අධික වර්ෂාව හේතු­වෙන් යාමට නොහැකි බව පවසා රථය නවතා ඇතැයි පොලි­සිය කියයි. අන­තු­රුව රියැ­දුරු ලෙස කට­යුතු කළ සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා එක­ව­රම රංගන ශිල්පි­නිය අසු­න්ගෙන සිටි පිටු­පසු අසුන ට පැමිණ ඇයගේ පපු ප්‍රදේ­ශය ඇල්ලී­මට උත්සාහ කිරී­මත් සම­ඟම ඇය ඔහු සමඟ පොර­බදා රථ­යෙන් බිමට පැන ඇතැයි පොලි­සිය කියයි. ඒ වන විට රංගන ශිල්පි­නි­යගේ හැඳු­නු­ම්පත බැංකු කාඩ් පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතු­ළත් අත් බෑග­යද එහි පිටු­පස අසුනේ තිබී ඇති අතර සැක­කරු ඒවාත් රැගෙන පලා ගොස් තිබිණි. සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යා­ගෙන් ඒ පිළි­බඳ ප්‍රශ්න කිරී­මේදී තමන් ඒවා රැගෙන නොගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ත්‍රිරෝද රථ­යෙන් බිමට පැනි­මෙන් රංගන ශිල්පි­නි­යගේ දණ හිස්ව­ලට තුවාල සිදුවී තිබූ අතර ඇය පෞද්ග­ලික රෝහ­ල­කින් ප්‍රති­කාර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

සැක­කරු රංගන ශිල්පි­නිය සමඟ ගමන ආරම්භ කිරීම සට­හන්ව ඇත්තේ කටු­බැද්ද ප්‍රදේ­ශයේ බවට හා ඔහු එම කුලී ගමන අව­සන් කර ඇත්තේ කළු­බෝ­විල පැපි­ලි­යාන ප්‍රදේ­ශ­යෙන් බවට පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. සැක­කාර පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා රංගන ශිල්පි­නි­යට අත­වර කිරී­මට යොදා­ගත් ත්‍රිරෝද රථය සඟවා තිබෙන අතර එය සොයා පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. සැක­කරු බළ­න්ගොඩ රාස්ස­ගල ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 40ක පුද්ග­ල­යෙකි. ඔහු කැස්බෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය සහ­කාර පොලිස් අධි­කාරි එම් ඩි ඩි නිලංග මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත පිළි­ය­න්දල පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිනේෂ් අත්ත­ර­ගම මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි කාන්තා උප­පො­ලිස් පරී­ක්ෂක මදාරා සම­ර­දි­වා­කර මෙනෙ­විය පරී­ක්ෂණ පව­ත්වයි.