
නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් තරුණියන්ගෙන් කප්පම් ඉල්ලූ බව කියන පුද්ගලයකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04) නියම කළේය.රංගන අවස්ථා දෙන බව පවසමින් තරුණයන්ගේ නිරුවත් ඡායාරූප දුරකතන පණිවුඩ හුවමාරු ක්‍රමය ඔස්සේ ගෙන්වා ගෙන සැකකරු
පසුව ඔවුන්ගෙන් කප්පම් ඉල්ලා ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසියේ විශේෂ පරිගණක මෙහෙයුම් ඒකකය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
රහස් පොලිසියේ ඉල්ලීම අනුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ පොළොන්නරුව, ලෙන්දොර පදිංචි ඉසුරු චානික මදුශාන් නමැත්තාය.සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි පොළොන්නරුව කිරිමැටියාන පදිංචි චිරන්ත ශාමල් නමැත්තා රුපියල් ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප මත මුදා හැරීමට ද නියම කළේය.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ විශේෂ පරිගණක මෙහෙයුම් ඒකකයේ නඩු මෙහෙයුම් අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ලසන්ත කුමාර මහතා රංගන අවස්ථා ලබා දෙන බව පවසමින් සැකකරුවන් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප දුරකතන පණිවුඩ හුවමාරු ක්‍රමය ඔස්සේ ගෙන්වා ගෙන ඇති බව
විමර්ශන වලදී හෙළි වී ඇතැයි දැනුම් දුන්නේය.
සැකකරුවන් පසුව තරුණියන්ට කතා කර නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා නොහැර මකා දැමීමට කප්පම් වශයෙන් මුදල් ඉල්ලා ඇතැයිද කී ලසන්ත කුමාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන කරන්නේ යැයි කීය.සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන 18 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
රෝෂන් තුෂාර
Comments
Post a Comment
Your comment will be visible after approval