pope-marry-law
මේ වන තෙක් පැවැති පූජකයන් විවාහ නොවී බ්‍රහ්මචාරීව සිටිය යුතු බවට වන නීතිය ඉවත් කරන ලෙස ඉල්ලීම් කරමින් එක්තරා කතා බහක් පැතිරෙමින් ඇත.

මේ පිලිබදව අදහස් දක්වමින් වතිකානුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි චාල්ස් සික්ලූනා, මෝල්ටිස් අගරදගුරු, කියා සිටියේ මේ පිළිබදව ගැඹුරින් සාකච්ඡා කිරීමට කාලය පැමිණ ඇති බවයි.



එසේම ඔහු එම ඉල්ලීම් සම්බන්ධව වැඩි දුරටත් කියා සිට ඇත්තේ එය තමාට පමණක් භාර කටයුත්තක් නම් තීරණයක් ගැනීම ආපසු නොවන නමුත් මෙය සංශෝදනය ඇසිරූ මෙන්ම රෑරුම් ලෙස සිතා බැලිය යුතු දෙයක් බව පෙර ලැබූ අත්දැකීම් වලින් තමන් අවබෝධකොට ගෙන සිටින බවයි.



ඔහු සදහන් කරන පරිදි සැවොම විමසන ප්‍රශ්නය වන “විවාහ වීමට අවශ්‍ය වූ පමණින් හොඳ පූජකයෙකු වීමට තිබූ තරුණයෙකු අපට අහිමි වන්නේ ඇයි?යන්නට දී තිබු පිළිතුර වුයේ මිට පෙර හොඳ පූජකවරු විවාහය තෝරගත්ත නිසාම ඔවුනට  නැති වුණ බවත්,එය ප්‍රසිද්ධියේ පවසන පළමු අවස්ථාව මෙය විය හැකි බවත් යමෙක්ට එය මිථ්‍යාදෘෂ්ටික ලෙස පෙනෙනු  ඇති බවත්ය.

එහෙයින් මෙය ගැබුරින් අවබෝධකරගත යුතු කරුණක් බවද ඔහු සදහන් කර ඇත.

එසේම ආදරය කරන සමහර පූජකයන් "රහසිගතව හැඟීම්බර සබඳතාවන්හි යෙදෙන" බවද ඔහු පවසා ඇත.



එම කතාවටම තවත් අතුරු කතාවක් එක කරමින් ඔහු කියා සිටියේ "පිරිමියෙකු පරිණත විය හැකිය, සබඳතාවල නිරත විය හැකිය, කාන්තාවකට ආදරය කළ හැකිය. එය පවතින පරිදි, ඔහු ඇය සහ පූජකත්වය අතර තෝරා ගත යුතු අතර, සමහර පූජකයන් රහසිගතව හැඟීම්බර සබඳතා පැවැත්වීමෙන් එයට මුහුණ දෙයි. මෙය ගෝලීය යථාර්ථයකි; එය මෝල්ටාවේ පමණක් සිදු නොවේ. දරුවන් සිටින පූජකවරුන් ලොව පුරා සිටින බව අපි දනිමු, මා සිතන්නේ මෝල්ටාවේ සිටින අය ද සිටින බවයි.

තවද බ්‍රහ්මචාරී නීතිය “සදාකාලික නොවන” බවත් එය ඉවත් කළ හැකි බවත් පාප් වහන්සේ විසින්  පිළිගෙන ඇති නමුත් එය ඔහුගේ අනුප්‍රාප්තිකයා විසින් තිවුර කර යුතු කාරණයක් වනු ඇතැයිද ඔහු පවසා ඇත.

කෙසේනමුත්  87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමාගේ උපදේශකයෙකු වන 64 හැවිරිදි Scicluna අගරදගුරුතුමා වතිකානුවේදී තම අදහස් ප්‍රකාශ කළ බවද  අවධාරනය කර ඇත.



සැබවින්ම 12 වන සියවස දක්වා පූජකයන්ට විවාහ වීමට අවසර දී තිබී ඇත.

මේ සම්බන්ධව විවිධ තර්ක පවතින අතර සමහරු තර්ක කරන්නේ බ්‍රහ්මචර්යාව පූජකයෙකුට සම්පූර්ණයෙන්ම කතෝලික පල්ලියට කැපවීමට ඉඩ දෙන බවයි.

අවසනදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කර ඇත්තේ “ලූතරන්වරු කාන්තාවන්ව පැවිදි කරන නමුත්  තවමත් පල්ලියට යන්නේ ස්වල්ප දෙනෙක් පමණක් වන  බවත්,ගැටලුව සංස්කෘතික වන බවත්,බොළඳ නොවි මෙම ගැටලුවට  ක්‍රමලේඛන වෙනස්කම් තුළින් විසදුමකට  එළබිය හැකි බවත් ය.