අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඊයේ (09) කරුණු වර්තා කළේය.
මෙම සංවිධානාත්මක අපරාධය සිදුකළ පිරිස සම්බන්ධයෙන් කළ ආවේක්ෂණයේදී අදාළ මුදල් චීනයේ ‘අලි එක්ස්ප්‍රස්“ (Ali express) නම් ආයතනයට බැරවී ඇති බවට සොයා ගත් බව ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම ඒකකයට පැමිණීලි 15කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, එම පැමිණිලි ඉදිරිපත් කළ අය අතර, වෛද්‍යවරුන්, නීතිඥවරුන් මෙන්ම රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ද සිටින බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
අන්තර්ජාලය මඟින් භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා අදාළ විකුණුම් ආයතන වෙත තොරතුරු ඉදිරිපත් කළ පසු මෙම සංවිධානාත්මක කණ්ඩායම එම පාරිභෝගිකයන්ගේ ජංගම දුරකතනයට කෙටි පණීවිඩයක් යොමුකර ඔවුන්ගේ නම් සහ ලිපින සහිත විස්තරවල යම් ගැටලුවක් ඇති බව පවසා ඔවුන් අලුතින් ලබා දෙන පෝරමය පුරවා එවන ලෙසට අන්තර්ජාලය මඟින් වාර්තාවක් යොමුකරන බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
පසුව එය යොමුකරන්නේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බවට සඳහන් කර ඇති මෙම පිරිස එම පෝරමයට තැපැල් දෙපාර්තමේන්තුවේ ලෝගුව ව්‍යාජ ලෙස යොදා ඇති බවත් මෙම ක්‍රියාවට රැවටී අදාළ පාරිභෝගිකයින් එම පෝරමය පිරවීමෙන් පසු නැවත ඔවුන්ට කෙටි පණීවිඩයක් මඟින් ඕටීපී අංකයක් ලබාදෙනු ලබන බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයට සඳහන් කළේය.
එම ඕ.ටී.පී. අංකය පාරිභෝගිකයන් විසින් මෙම සංවිධානාත්මක පිරිසට යොමු කළ පසු එම පිරිස අදාළ අංකය භාවිත කරමින් පාරිභෝගිකයින්ගේ බැංකු ගිණුම් තුළට ඇතුළුවී එහි ඇති සියලු මුදල් සොරාගන්නා බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන (27263) ධනුෂන් සහ (17414) ෂාලික යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.
ඒ අනුව මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා බැංකු වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණයට අදාළ බැංකු නියෝග නිකුත් කර සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට නියෝග කළේය.
නිමන්ති රණසිංහ
0 Comments