pradeep-kumara-balasuriya
ප්‍රවීණ මාධ්‍යවේදී, ගත් කතුවර 63 හැවිරිදි ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා හෘදයාබාධයක් හේතුවෙන් අද(05) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගාතුරව ගම්පහ රෝහලට ඇතුළු කළ

ඒ මහතා අද පෙරවරු හතට පමණ අභාවප්‍රාප්ත වී තිබේ.1980 දශකයේ දිවයින පුවත් පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා පසුව යොවුන් පුවත් පත් කලාවෙන් මහත් කීර්තියකට පත් විය.කුමරි,අරලිය ආදී පුවත් පත් කර්තෘ මණ්ඩල වල සේවය කළ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා සඳරේණු ඇතුළු යොවුන් පුවත් පත් ගණනාවක ප්‍රධාන කර්තෘ පදවිය ද හෙබවීය.නවකතා ධනාත්මක චින්තන කෘති පරිවර්තන නවකතා චරිත කතා ආදී වශයෙන් ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් ලියා පළ කොට ඇති ඔහු විසින් සම්පාදනය කොට ඇති පුවත් පත් ලිපි විශේෂාංග දහස් ගණනකි.ගම්පහ පහළගම ප්‍රදේශයේ පදිංචි ඒ මහතාගෙ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.