ragama-kiki-nabbed

රුපියල් ලක්ෂ පහකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණ පෙම්වතුන් යුවළක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පෙරේදා (30) රාත්‍රී කහතුඩුව පොල්ගස්ඕවිටදී අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් විය.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11500 ක්, සැකකරුවන් ගමන්ගත් අතිනවීන සුඛෝපභෝගී මෝටර් රථයක්, ජංගම දුරකථන පහක්, ජාවාරම්කරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 23000කට අධික මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක කේ. බුද්ධි චානක මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිඅවි

සහිතව යොදා තිබෙන විශේෂ පොලිස් කණ්ඩායම විසින් ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ පොලිස් කණ්ඩායම කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුනට යාබද අසුනේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන රාගම කිකී සන්තකයේ තිබියදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටින බවට අනාවරණය වී ඇත.

කඩවත රාගම හා ගම්පහ ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 හා 49 අතර පසුවන මෙම සැකකරුවන් ඉකුත් විසිනව වැනි දින බත්තරමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වා ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.



සැකකරුවෝ පිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම භාර උප පොලිස් පරීක්ෂක කේ. බුද්ධි චානක පොලිස් කොස්තාපල්වරුන් වන (92438) මධුෂාන්, (36642) ගාල්ලගේ, (104991) විජය කුමාර්, (104000) කුමාරසිංහ, (101764), (102074) ප්‍රේමවීර (27005) සෙනෙවිරත්න කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන (11832) දුලංකා (11171) හංසනී යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

 බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ