කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (07) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි සහිත කාලගුණික තත්ත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වේ.
උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
0 Comments