ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්රමසිංහ මහතා හට සහයෝගය පළකරමින්
ඔහුගේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපාගේ නායකත්වයෙන් ‘නව සන්ධානය' සිය සංවිධාන කටයුතු පසුගිය ජනවාරි 01 දා රාජගිරිය එම සන්ධාන කාර්යාලයෙන් ආරම්භ කර ඇතැයි සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ.
අනුර යාපාගේ නායකත්වයෙන් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නිමල් ලාන්සා, නලින් ප්රනාන්දු, ප්රියංකර ජයරත්න ප්රමුඛව පොහොට්ටුව ලකුණින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්රීවරුන් විශාල පිරිසක් එක්ව ඇති බව වාර්තා වෙයි.
පක්ෂයෙන් ස්වාධීන වී කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 71 දෙනාගෙන් බහුතරය මෙම සන්ධානය සමග බව ඔවුන් පවසා ඇත.
ඉදිරියේදී පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ මන්ත්රීවරුන් කොටසක් සජබ සමග ද තවත් කොටසක් පොහොට්ටු අපේක්ෂක වනු ඇති බවට ඉඟි පළවන ධම්මික පෙරේරා හෝ නාමල් රාජපක්ෂ සමග ද තවත් කොටසක් රනිල් ජනපති කරනවන්න ප්රයත්න දරන මෙකී ‘නව සන්ධානය' වෙනුවෙන් ද කොටස් තුනකට කැඩී යනු ඇතැයි වාර්තා පළවෙයි.
0 Comments